custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දක්ෂතාව තියෙන අය නෙමෙයි වැඩ බැරි අය තමයි මේක ඇතුළේ වැඩිපුර නටන්නේ දඟලන්නේ

custom_html_banner1
Spread the love

නව පරපුරේ වඩාත් කැපී පෙනෙන දක්ෂ නිරූපිකාවක් ලෙස ටීනා ශනෙල් කියන්නේ කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක්. දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රංගනයට පැමිණි අය නැවතත් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවන එනවා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ප්‍රියන්ත කොළඹගේගේ අධ්‍යක්ෂණයක් වන “සකූගේ ලෝකය” ටෙලිනාට්‍යයේ හරිනිගේ චරිතයෙන් නැවතත් රංගනයට පැමිණි ටීනා ශනෙල්ගෙන් ඇගේ කලා කටයුතු පිළිබඳ මෙසේ විමසුවෙමු.

ඉතින් ටීනා, කොහොමද ජීවිතේ?

ජීවිතේ ශේප් එකේ ගතවෙනවා. මේ දවස් ටිකේ සකූගේ ලෝකය ටෙලිනාට්‍යයත් එක්ක මගේ කාලය ගත වෙන්නේ. ඒ වගේම මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.

කොහොමද සකූගේ ලෝකය ටෙලිනාට්‍යයේ “හරිනි”ට ලැබෙන ප්‍රතිචාර?

සකූගේ කතාව ටෙලිනාට්‍යයේ ඉඳලා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. සකූගේ ලොකය ටෙලිනාට්‍යයේ මගේ චරිතය දුෂ්ට චරිතයක්. ඒක ප්‍රධාන දුෂ්ට චරිතය. මගේ චරිතය මත තමයි ප්‍රධාන චරිතය රඳාපවතින්නේ. කලින්ටත් වඩා මේ වතාවේ මිනිස්සු මට වැඩිපුර බනීවි. ඒත් මේක මට ලැබුණු චරිතයක් විතරයි. ඒකට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

සකූගේ කතාව ටෙලිනාට්‍යයෙන් පසුව ටීනා ටෙලිනිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ?

මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. මට ගැලපෙන මට ආසා හිතෙන පිටපතක් හම්බුනොත් මම කැමැත්තෙන් වැඩ කරනවා. අවුරුදු දෙකකට පසුව තමයි නැවතත් මම ටෙලිනාට්‍යයක රඟපාන්නේ. චැනල් පහ හයක කතා බැලුවොත් හැමදාම එකම තමයි ඒ නිර්මාණවල ඉන්නේ. මම එහෙම නිතරම පේන්න ඉන්න කැමති නැහැ. මිනිස්සුන්ට වුණත් නිතරම පේන්න ඉන්නකොට එපා වෙනවා. ක්ෂේත්‍රයේ ගොඩක් අය හිතන්නේ ලැබෙන මුදල ගැන විතරයි. එහෙම ලැබෙන වැඩ මම නැති කරගෙන තියෙනවා. මම නිර්මාණයකට සම්බන්ධ වුණාම ටික කාලයක ඉඳලා, විවේකයක් එකක් අරගෙන, මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් කරලා තමයි තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. හැම වැඩක්ම පෙරේතකමට භාරගන්න කෙනෙක් නෙමෙයි මම. මම ක්ෂේත්‍රයට ආවේ ප්‍රියන්ත කොළඹගේගේ දේදුනු ආකාසේ චිත්‍රපටය හරහා. ප්‍රියන්ත අයියාගේ මේ වැඩේටත් සම්බන්ධ වුණේ ඒ චරිතයට මට යමක් කරන්න පුළුවන් නිසා.

custom_html_banner1

දිගටම දුෂ්ට චරිතද කරන්න බලාපොරොත්තු?

අනේ නැහැ. මම කැමතියි මට විවිධ චරිත ලැබෙනවා නම්. මම ඇත්තටම කැමති චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. මට වෙනස් චරිත ලැබුණොත් මම ඒවා භාරගන්නවා. මේ හරිනිගේ චරිතයත් බටහිර පන්නයේ චරිතයක්. ගොඩක් අය කියන්නේ “ටීනාට ගැලපෙන්නෙ බටහිර පන්නයේ චරිත” කියලා. එහෙම එකක් නැහැ. මට ඉදිරියේදී වෙනස් හොඳ චරිතයකට ආරාධනා ලැබුණොත් මම ඒක කරනවා.

ටීනා වෙනස් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා නේද?

ඔව්. මම “හෝන්” කියලා ත්‍රාසජනක චිත්‍රපටයක රඟපෑවා. විවිධ රසවලට මිනිස්සු කැමතියි. ත්‍රාසජනක චිත්‍රපට නරඹන පිරිසකුත් අපි අතර ඉන්නවා. ඒ චිත්‍රපටය තේරුම් ගන්න අමාරු වෙනස්ම චිත්‍රපටයක්. ගින්දරී 2 චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒක තවම තිරගත කළේ නැහැ. ඒ චිත්‍රපටයට ලොකු පිරිසක් සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටයටත් ප්‍රේක්ෂකයන් කැමති වෙයි කියලා මම හිතනවා. මේ තියෙන වාතාවරණයත් එක්ක චිත්‍රපට තිරගත කරන්න බැරි නිසා මම ඉදිරියේදී ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න කැමතියි. චිත්‍රපට ආවොත් භාරගන්නවා. ඒත් වැඩි කාලයක් ගත කරන්න කැමති ටෙලිනාට්‍ය එක්ක සහ නිරූපණ වැඩ කටයුතු එක්ක.

මේ දවස්වල නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කොහොමද?

සකූගේ ලෝකය ටෙලිනාට්‍යයට කාලය වැය කරන්න වෙන නිසා නිරූපණ කටයුතුවලට වැය කරන්න ලොකු කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මම කාලය කලමනාකරණය කරගෙන නිරූපණ වැඩ කටයුතුත් කරන්න කැමතියි.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු දහයකට වැඩියි.

ඒ අවුරුදු දහය ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. මට ආසාව තිබුණේ නිරූපිකාවක් වෙන්න. ඒ අවුරුදු දහයට මම ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මට කවුරුත් මඟපෙන්වන්න හිටියේ නැහැ. මම තනියම පැජන්ට්වලට ගිහිල්ලා ජයග්‍රහණය කරලා තනියම මේ ගමන ආවේ. ඒ ගමන සාර්ථකයි කියලා හිතෙනවා.

දැන් කොහේ බැලුවත් නිරූපිකාවෝ වැහි වැහැලානේ?

දැන් නිරූපණ ක්ෂේත්‍රය මිනිස්සු ගණන් ගන්නෙම නැති තැනකට පත් වෙලා. ක්ෂේත්‍රයේ ඉන්න අය කරන දේවල් දකිනකොට ක්ෂේත්‍රයට මිනිස්සු ඇඟිල්ල දික් කරලා බනිනවා. ඉස්සර නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු අයට සමාන කරන්න පුළුවන් පිරිසක් තවමත් මගේ පරම්පරාවෙන් බිහිවෙලා නැහැ. දැන් නිරූපණ ක්ෂේත්‍රයේ හැම පැත්තෙන්ම දක්ෂතා තියෙන අය නැහැ. සමහරුන්ට රඟපාන්න බැහැ. සමහරුන්ට නටන්න බැහැ. හැමදෙයකටම දක්ෂ කීපදෙනෙක් විතරයි ඉන්නේ. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ කඩා වැටීමක් තියෙන්නේ.

හැම නිරූපිකාවක්ම උත්සාහ කරන්නේ රංගනයට එන්න.

මගේ වකවානුවේ කීපදෙනෙක් ඉන්නවා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඇවිල්ල දක්ෂතා එක්ක හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වුණු. නමුත් දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් රඟපාන්න යන එක ෆැෂන් එකක් වෙලා. අධ්‍යක්ෂවරුත් ලස්සන තිබුණු පලියට නිරූපිකාවෝ රඟපාන්න ගන්නවා. එයාලට රඟපාන්න බැහැ, දෙබස් කියන්න බැහැ. දැන් ඒක රැල්ලක් වෙලා. රංගනය ගැන හදාරලා ක්ෂේත්‍රයට එන අය දැන් අඩුයි. මම මුලින්ම දේදුනු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වෙනකොටත් මහේන්ද්‍ර පෙරේරා සර්ගේ වැඩමුළුවලට සහභාගී වෙලා කාලයක් චරිතයට සූදානම් වෙලයි රඟපෑවේ. ඒත් දැන් නිරූපණ ක්ෂේත්‍රයට එන අය එන්නේම ෆොටෝශූට් දෙක තුනක් කරලා රඟපාන්න බලාගෙන. දෙකෙන් එකක්වත් හරියට නොකරන එකෙන් වෙන්නේ ඒ අය නිසා ක්ෂේත්‍ර දෙකම කඩා වැටෙන එක. දක්ෂ කලාකරුවන් පවා කලාවෙන් ඉවත් වෙන්න මේක හේතුවක් වෙලා. දක්ෂතාව තියෙන අය නෙමෙයි වැඩ බැරි අය තමයි මේක ඇතුළේ වැඩිපුර නටන්නේ. දඟලන්නේ.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ බොහොම පරිස්සමෙන් කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ දිගටම කරගෙන යනවා. ඒ අතරතුර එන ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. සකූගේ ලෝකය නිසා මට ආරාධනා ආපු ටෙලිනිර්මාණ කීපයක් අත්හරින්න සිද්ධ වුණා දින ප්‍රශ්නය නිසා. තව ටෙලිනාට්‍ය කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා. මගේ නිරූපණ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන විදිහටයි ඒවා භාරගන්නේ.

නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය

01

02

03

04

05

06

07

08

09

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button