custom_html_banner1
දේශීය පුවත්

පක්ෂ නොතකා බිම්ෂානි වෙනුවෙන් ඉදිරියට එන මන්ත්‍රීවරියන්

custom_html_banner1
Spread the love

මෙරට නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් පළමු නිලධාරිණිය වන බිම්ෂානි ජාසිංහආරච්චිගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් පක්‍ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය අද ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින්.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරන බිම්ෂානි ජාසිංහආරච්චිගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු විසින් අධිකරණය හමුවේ ඉකුත්දා පෙත්සමක් ගොනු කළා.

මෙය හෙළා දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සදහන් කළේ.

එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න මහත්මිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වුණා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button