custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සති දෙකකට රට වැසීමට කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනියගෙන් යෝජනාවක්

custom_html_banner1
Spread the love

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකකටවත් ජනතාව නිවෙස්වල තැබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රට වසා තැබීමකට යා යුතු වේ දැයි මාධ්‍යවේදියෙකු ඇයගෙන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් ඇය ඒ බව ප්‍රකාශ කළාය.

එහිදී එම පැනයට ඇය දැක්වූ ප්‍රතිචාරය මෙසේ ය.

“අනිවාර්යෙන් අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න. මොක ද එහෙම වුණොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරගන්න පුළුවන්. මේකේ incubation period එක දවස් දෙකේ ඉඳලා දවස් දාහතර. මේ දවස් 14 ජනතාව අනිවාර්යෙන් ගෙදරට වෙලා හිටියොත් ගෙදරට ලෙඩේ යන්නේ නැහැ. ඒ වගේ ම රෝගීන්ගෙන් එළියට යන්නෙත් නැහැ. එතකොට අපිට මේ cycle එක කඩාගන්න පුළුවන් කියල විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා.”

තව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ඊයේ (මැයි 19) දිනයේ 3,500ක පමණ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුවද සමාජයේ ඊට වඩා රෝගීන් සිටිය හැකි බව ය.

“3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. එතකොට මේ අයගෙන් සමාජය තුළ තවමත් පැතිරීම සිද්ධ වෙනවා,” යැයි අමාත්‍යවරිය පවතින තත්ත්වයේ බරපතළ බව පැහැදිලි කළාය.

හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව තම අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යන ලෙස උපදෙස් දුන්න ද ජනතාව විශාල වශයෙන් මහා මාර්ගවල දැකිය හැකි බව ද ඇය පැවසීය.

custom_html_banner1

හැකිතාක් නිවෙස්වලට ම වී සිටින ලෙස අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර අත්‍යවශ්‍ය ම දෙයකට පමණක් නිවසින් බැහැරට ගිය ද හැකි ඉක්මනින් නිවෙස් වෙත යන ලෙස ද ඇය ජනතාවට උපදෙස් දුන්නාය.

අත්‍යවශ්‍ය දෑ මිල දී ගැනීමට යාමේදී සංවෘත වෙළෙඳ සල් වෙනුවට වාතාශ්‍රය හොඳින් ලැබෙන ආකාරයේ වෙළෙඳ සල්වලට යන ලෙස ද ඇය පැවසීය.

තව ද ජනතාව ද මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළාය.

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button