custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ ජනරාල්වරයා Covishield පළමු මාත්‍රාව ගත් පුද්ගලය‌න්ගෙන් කළ ඉල්ලීම

custom_html_banner1
Spread the love

Covishield එන්නත ලබා ගත් පුද්ගලයන් එය සඟවා Sinopharm එන්නත ලබා ගන්නා බව වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පවසයි.

ඊයේ (මැයි 19) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ඇති වූ තත්ත්වය සමග Oxford-AstraZeneca Covishield එන්නත් මෙරටට ගෙන්වා ගැනීමේ අපහසුතාවක් ඇති වී තිබෙන බැවින් වෙනත් රටවල් සමග සාකච්ඡා කර කෙසේ හෝ Covishield එන්නත මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෛද්‍යවරයා පැවසීය.

වෛද්‍යවරයා පැවසුවේ, ඒ අනුව, Covishield පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට එම එන්නතෙන් ම දෙවන මාත්‍රාව ද ලබා දීමට බලාපොරොත්තු වන බව ය.

“අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ AstraZeneca එන්නත පළවෙනි මාත්‍රාව ලෙස ලබාගෙන සිටින කෙනෙක් නම් මේ වන විට ලබා දෙන Sinopharm එන්නත ලබා ගන්න එපා කියන එක. ඒක අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මොක ද එය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ නොකරන දෙයක්.

මොක ද අපිට ඇතැම් තැන්වලින් වාර්තා වෙලා තියනවා එවැනි සිදුවීම්. ඔබ ඔබගේ සෞඛ්‍ය ගැන බලනවා නම් එවැනි සෞඛ්‍ය නිර්දේශවලින් බාහිරව ගිහිල්ලා තමුන් පළවෙනි මාත්‍රාව ලෙස AstraZeneca එන්නත ලබා ගත්තා කියන එක සැඟවීමෙන් පසු මෙම එන්නත ලබා ගැනීම සිදු නොකරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා,” යැයි වෛද්‍යවරයා පැවසීය.

තව ද කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් එන්නත ලබා නොගෙන සිටිය යුතු නොමැති බවත් සුව වීමෙන් පසුව එන්නත ලබා ගත යුතු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

custom_html_banner1

තව ද දැනට බස්නාහිර පළාත ආශ්‍රිතව එන්නත්කරණ කටයුතු සිදු කෙරීගෙන යන අතර එන්නත් මධ්‍යස්ථාන කරා විශාල ජනතාවක් ඒකරාශී වන බව නිරීක්ෂණය වී ඇතැයි ඔහු පැවසුවේය.

එන්නත නොලැබේවි යැයි යන බිය හේතුවෙන් ජනතාව මෙලෙස විශාල වශයෙන් එන්නත් මධ්‍යස්ථාන වෙත ඒකරාශී වන බව ද වෛද්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ක්‍රමවේදයකට අනුව එන්නත ලබා දීම සිදු කරන අතර එන්නත නොලැබේ යැයි නොසිතන ලෙසත් අදාළ වයස් කාණ්ඩවල සියලු දෙනාට ම එන්නත ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තව ද ඔහු පැවසුවේ, එන්නත ලබා ගැනීමේදී තමාගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් එන්නත ලබා ගන්නා ලෙසත් නියමිත දිනයට එම මධ්‍යස්ථානයට යන ලෙසත් ය.

එවිට අනවශ්‍ය තදබදයක් ඇති වීම සිදු නොවන බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

එන්නත් මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති වීම හේතුවෙන් එම ස්ථානවලින් ද රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති අතර එලෙස ඒකරාශිවීමෙන් වළකින ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button