custom_html_banner1
දේශීය පුවත්

දරු ප්‍රසූතියට මාතර රෝහලට එද්දි – ත්‍රීවිලයේදිම හම්බුන බබා බේරාගත් වෛද්‍යදෙවිවරුන්

custom_html_banner1
Spread the love

මාතර රෝහලේහි සිදුවු අපූරු සිදුවීමක් ගැන නොලියාම බැහැ..

හදිසි අනතුරු ඒකකයෙහි ඉදිරිපිට යම් කලබලයක් දක්නට ලැබුණා.. එහිදි තරුණ වෛද්‍යවරුන් කන්ඩායමක් සහා හෙද නිලධාරීන් කිහිප දෙනෙකු සිටි බව දුටුමි..

මොකක්ද කාරණය කියා බලන්න ගිය විට දක්නට ලැබුණේ ත්‍රී රෝද රතයක් තුල ගැබිණි මවක් දරු ප්‍රසූතිය අතරතුරය..
බබාගේ ඔලුවත් පේන්න පටන් අරන්.. වාට්ටුව වෙතට ඇතුලු කිරිමට කිසිදු වෙලාවක් නැත.. බබා ත්‍රී රෝද රතය තුලම එන මග..

ඒ ක්ශනික මොහොතන් කිහිපයක් තුලදී මේ තරුණ වෛද්‍යවරුන් දෙදෙනා එම බිලින්දගෙත්, මවගේත් ජීවිත දෙකම බේරා ගැනීමට හැකි වුණා..

ජායාරූපය තුල සිටින්නේ වෛද්‍ය නෙලුම් සහා වෛද්‍ය දිනුර……..

දෙදෙනාම තම සිමාවාසික පුහුණුව ඉවර කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර.. අද දින පැමිණ සිටියේ මාතර රෝහලේහි හදිසි වෛද්‍ය පුහුණුවක් ලැබීමටය.. නමුත් මෙතරම් පරිනත භාවයක් පෙන්නමින් මේ කාර්ය සිදු කර ඒ ක්‍රියා කලාපයෙන් කිව හැක්කේ ඔවුන් දෙදෙනා නියම වැඩ්ඩෝ දෙන්නෙක් බවයි..

මොවුන් මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් සේවා කිරිමට වැඩ භාර ගෙන පසුව ඇත්තේ තවමත් දින කිහිපයකි..

custom_html_banner1

ඇත්තෙන්ම මා මාතර දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙන් මේ වගේ වෛද්‍ය වරුන් හමු වීම ගැන අවංකව සතුටු වෙමි.. ජෙශ්ඨයෙකු හැටියට මා මේ කනිෂ්ඨ වෛද්‍ය වරුන් ගැන හරිම ආඩම්බරයි.. මටද ඔවුන් කදිම ආදර්ශයක්.. ඔවුන් දෙදෙනාට මා හදවතින් ම සුභම අනාගතයක් ප්‍රාර්තනා කරමි..

ඇත්තෙන්ම අපේ රටේ සෞඛ්‍ය සේවාව ගැන මා ආඩම්බරයට පත්වු මොහොතක්..

සටහන උපුටා ගැනීම – මාතර මහා රෝහලේ වෛද්‍ය මහේන් බොරලැස්ස මහතාගේ ෆේස්බුක් පිටුවෙන්….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button