custom_html_banner1
දේශීය පුවත්

ඉදිරි සති දෙක ඉතාම අවදානම් සහ තීරණාත්මකයි – වෛද්‍ය නවීන් ද සොයිසා

custom_html_banner1
Spread the love

පවතින කොවිඞ් තත්ත්වය අනුව ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් සහ තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෙසක් සතිය අවසන් වන තුරුම සංචරණ සීමා ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් සෞඛ්‍ය නීතීන්ට අනුගතව එය පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සිදුවිය හැකි මරණ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛඉ නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

පසුගිය මාස දාහතරක තුළ මෙරටින් කොවිඞ් රෝගීන්න් ලක්‍ෂයක් පමණ වාර්තා වුවත්, පසුගිය මාස දෙකහමාරක කාල සීමාවේදී රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වීම මෙම රෝගයේ ප‍්‍රබලතාව අනුව මෙරට සෞඛ්‍ය අංශයට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යෑමක් බවත් හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝග ව්‍යාප්තිය සමග පළමු මාස 13-14 අතර කාල සීමාවේදී මියයෑම් 500 ක් පමණ වාර්තා වුවත් ඉකුත් මාස දෙකක කාල සීමාවේදී එම මියයෑම් සංඛ්‍යාවම වාර්තාවීම කොවිඞ් රෝග තත්ත්වයේ ප‍්‍රබලත්වය පෙන්නුම් කරන්නක් බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

Courtesy – Divaina

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button