custom_html_banner1
දේශීය පුවත්

දැඩි සංචරණ සීමා පනවා ඇති දිනවලදී දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා

custom_html_banner1
Spread the love

දැඩි සංචරණ සීමා පනවා ඇති දිනයන්හිදී රටේ තිබෙන සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

පසුගිය සති අන්තයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟම අපි පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් නීති පැනවූ පසුව ගොවීන් තමන්ගේ නිෂ්පාදන ගෙනැවිත් ඒවා විකුණා ගැනීමට නොහැකිව විවිධ චෝදනා එල්ල කළා. හැබැයි අපි පැහැදිලිවම අපේ ආර්ථික මධ්‍යස්ථානවලට දැනුවත් කරලා තිබුණා මේ වකවානුව තුළ අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා කියලා. නමුත් ඒ පණිවුඩය ගොවීන්ට ගිහින් තිබුණෙ නැහැ.

ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන, මැනිං වෙළෙඳපොළ ඇතුළුව ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකටම ගොවීන් මෙම භාණ්ඩ ගෙනැල්ලා තමන්ගේ නිෂ්පාදන විකුණගන්න බැරුව විශාල චෝ’ දනා එල්ල කළා.

ඒ නිසා ආණ්ඩුව එළැඹෙන සිකුරාදා සිට දින හතක් එක දිනයක් හැර අනෙකුත් දින පහ කොවිඩ් වසංගතය හේතුකරගෙන නීති කිහිපයක්ම පනවා තිබෙනවා. පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සංචරණ නීති පනවලා දැඩි නීති ක්‍රියාත්මක කර තිබෙනවා. එම නිසා මේ කාලය තුළ ගොවීන්ට තම නිෂ්පාදන ගෙන ඒමට නොහැකි වෙනවා.

අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය ලෙස අපි කලින් ගොවීන්ට දැනුම් දීමක් කළොත් ගොවීන්ට හැකිවෙනවා තමන්ගේ අස්වැන්න නෙළන්නේ නැතිව ඉන්න. නියමිත කාල වකවානුව තුළ අපේ රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික මධ්‍යස්ථාන සියල්ල සම්බන්ධීකරණය කරමින් එමෙන්ම මැනිං වෙළෙඳපොළත් සම්බන්ධීකරණය කරමින් වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. එහිදී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ.

custom_html_banner1

අපි සමස්ත ගොවි ජනතාවගෙන්ම ඉල්ලීමක් කරනවා. පුරා දින කිහිපයක් අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා තබනවා. එම නිසා වසා තිබෙන දිනවලදී තමන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙතට ගෙන ඒමෙන් වළකින්න කියලා. ගොවියාගේ අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන තුළට ගෙන ආවත් එම එළවළු විකුණා ගැනීමට නොහැකි වෙනවා.

එම එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නේ නැහැ. දැඩි සංචරණ සීමා නීති රීති පනවා තිබෙන දින තුළදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්නේ නැහැ. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි මේ ලබාදෙන මාර්ගෝපදේශ ඒ අයුරින්ම පිළිපදින්න කියලා.

Courtesy – Mawbima

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button