custom_html_banner1
විශේෂාංග

A/L වලට පාඩම් කලේ මහරගම පිළිකා රෝහලෙයි, General Hospital එකේ කාණු බැම්මෙයි ඉදන්. අද මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Medical Student කෙනෙක්

custom_html_banner1
Spread the love

“A/L වලට පාඩම් කලේ මහරගම පිළිකා රෝහලෙයි, General Hospital එකේ කාණු බැම්මෙයි ඉදන්. අද මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Medical Student කෙනෙක්.”

කොයි කවුරුත් වගේ හීන ගොඩක් පොදි බැදන් උසස්පෙල කරන්න ආවට ඒ සතුට වැඩි කාලයක් තිබ්බෙ නෑ. තාත්තට heart attack එකක් ආවා. ඒ 2014 මාර්තු. මගේ AL Project එකත් heart attack. ඉස්කෝලේ ගියේ නෑ ක්ලාස් ගියේ නෑ. තාත්තව හොද කරගන්න එක තමා ඒ දවස්වල කරගන්න ඕන වෙලා තිබ්බ ලොකුම දේ. එහෙම මාස ගානක් ගිහින් තාත්තා යතා තත්වෙට පත් වෙද්දි මට තේරුනා AL වලට වැඩේ හරි තමා කියලා. ආයෙමත් පහුවුන මගඇරිච්ව දේවල් හොයාගෙන වැඩ කරන්න ගත්තා. ඒකටත් වැඩි කාලයක් ඔරොත්තු දුන්නෙ නෑ. මල්ලිගෙ දණහිසේ osteosarcoma කියන අස්ථි පිළිකාව තියෙන බවට වෛද්‍ය වාර්තා වලින් ඔප්පු උනා. ඒ මගේ දහ අටවෙනි උපන් දින තෑග්ග. එදා තමා biopsy report එක ආවේ.

එදා ඉදන් ජීවීතේ කොයි වගේද කියලා තේරුම්ගන්න පුලුවන් ඒ අත්දැකීම ලබපු කෙනෙක්ටම තමා.දුකයි බයයි පැරදීමේ වේදනාවයි ගිලගත්ත කාලයක්. ඒ කාලේ කවදාවත් අමතක නොවෙන පාඩම් කරපු තැන් දෙකක් තියෙනවා. එකක් මහරගම පිළිකා රෝහලේ බෝ ගහ ඉස්සරහ summer hut එක අනෙක තමා general hospital එකේ neuro unit එකේ කාණු බැම්ම. ඒ තැන් දෙකේම වාඩිවෙලා පාඩම් කරද්දි doctors ලා medical studentsලා යනවා පේනවා.

පලවෙනි පාර මං AL කරන්න බෑම කීවා. ඒත් කරන්න උනානේ. මට තිබ්බේ CCC district rank එක 591 කැම්පස් යන්න බෑ. දෙවෙනි පාර ABB district rank එක 112 ඒකෙන් සමස්ත ලංකා සහතික එක්ක apply කලාම නැගෙනහිර විශ්ව විද්‍යාලේ medicine ආවා.

මම ගියේ නෑ දුර නිසා. ඒත් ඒ කරපු වැඩේ risk එක තේරුනේ third shy එකේ chemistry paper එකේ faint උනාම. එදා second paper එකේ ලීවේ මොනාද කියලා මට අදටවත් හරියට මතක නෑ.

Medicine අහුවෙන එකක් නෑ කියලා හිතාගෙන මාසයක් විතර අඩලා අන්තිමේ හිත හදාගත්තා pharmacology කරනවා කියලා. ඉතින් pharmacy එකේ වැඩ කර කර ඉද්දි තමා result ආවේ. AAA තිබුනා. කලුතර දිස්ත්‍රික්කෙන් 24.

උදවු කරපු හැමෝටම පිං. අතඇරපු හැමෝටම ස්තූතියි. “එන එක්කට යමං”. “පදුරකට ගලක් ගැහුවත් දැන් දොස්තරලා ඉන්නවා”. “මෙඩිසින් යන්න ඕනේ නෑ”. “අපරාදේ වයස යනවා. “”මෝඩ වැඩක් ආය කරන එක.” ගෙදර කරදරයිනේද විභාගෙ අතාරින්න ” කියපු අයට මෙහෙම කියනවා.

custom_html_banner1

පුරුදුවෙයන් මිනිස්සුන්ගෙ හීනවලට ගරුකරන්න. මොකද target එක මොකක් උනත් හරිගියදවසට දැනෙන සතුටත් වැරදුනාම දැනෙන දුකත් අපි කාටත් පොදුයි.

01

02

03

04

05

06

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button