custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවෙන් රු.මිලියන 952ක අත්‍යවශ්‍ය ශ්වසන උපකරණ

custom_html_banner1
Spread the love

මෙරට කොවිඩ් – 19 පාලන වැඩපිළිවෙළ ශක්තිමත් කිරිම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ, යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම අද ( මැයි19) දින පෙරවරුවේ සිදු කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙහිදී රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් පරිත්‍යාග කර තිබේ.

බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මෙම උපකරණ ලබාදීමට නියමිතය.

මෙම උපකරණ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී සංකේතාත්මකව පරිත්‍යාග කළ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය දැනුම්දෙයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා ඇත්තේ, මෙම පරිත්‍යාගය මෙරට කොවිඩ්-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ඉවහල් වන බවත්, මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ ඔස්ට්‍රේලියානු රජයට සහ එ‍ම රටේ ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනමන බවත් ය.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ යුනිසෙෆ් සංවිධානය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පවසා ඇත.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button