custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මානූ’ෂීය මෙහෙයු’මේදී තුවා’ලලත් රණවිරුවන්ගේ දේපොළ ණය මත පොලිය අහෝ’සියි

custom_html_banner1
Spread the love

මානු’ෂීය මෙහෙයු’මේදී තුවාල’ලත් රණවිරුවන් රජයෙන් ලබාගෙන ඇති දේපළ ණය සඳහා ගෙවිය යුතු පොලිය ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (18 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

ඊයේට (18 වැනිදා) යෙදී තිබූ මා’නුෂීය මෙ හෙයුමේ ජයග්‍රහණය සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසුවේ අද රණවිරුවන් සුව විරුවන් බවට පත්ව රට කොරෝනා වසංගතයෙන් බොරා ගැනීමට සටන් වදින බවය. රටට ජාතියට ද්‍’රෝහී බලවේග එදා යුද්දෙදි එරෙහි වූ ආකාරයටම අදත් වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව යෙදවීම ගැන විරෝ’ධය දක්වමින් සිටින බවද අගමැතිවරයා කීවේය.

මෙරට රණවිරුවන් ලොව දරුණු ත්‍ රස්ත වාදීන්ට විරුද්ධව සටන් කර ලෝකෙට ආදර්ශයක් දුන් ආකාරයට ලොව දරුණුම වසංගතයට මුහුණ දී ලොවට ආදර්ශයක් ලබා දෙන බව මතක තබා ගන්නැයි ඉල්ලා සිටි අගමැතිවරයා ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි පිරිසක් බවට ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සෙබළුන් අපි පත්කොට ඇතැයිද අද වැනි දිනක ඒ පිළිබඳ තමන් ආඩම්බර වන බවද කීවේය.

Source – Lankatelegraph.info

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button