custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

CID භාරයේ සිටි අසාත් සාලි හදිසියේ රෝහල්ගත කෙරේ

custom_html_banner1
Spread the love

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ මහතා මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

කොළඹ ජාතික රෝහලෙන් mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී වාර්තා වූයේ, ආසාත් සාලි මහතා හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (මැයි 18) සවස රෝහල්ගත කර ඇති බවය.

මේ වන විට ඔහුගේ තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව ද එහිදී අනාවරණය විය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාර්තු මස 16 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

අසාත් සාලි මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

අසාත් සාලි මහතා සිදු කළ ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ICCPR පනත යටතේ ඔහු වරදක් සිදු කර ඇති බවට විශ්වසනීය තොරතුරු අනාවරණය වන බවත් ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබිණි.

custom_html_banner1

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button