custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොළඹ හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් නවතී

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමා තිබේ.

මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් කොවිඩ් 19 වයිරසයට ගොදුරුවී ඇති බවත් එයින් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වන බව ද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා මහතා පැවැසීය.

මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව සිටින බව කී ඈපා මහතා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ සියයට පනහක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය තම සේවාව දැඩි අර්බුුදයකට යොමු කරමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

තම සේවාවට බලපා ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡාවකට පවා බලධාරින් මඟහරිමින් සිටින බව පෙනී යන බවත් සෞඛ්‍ය සේවාව කඩා නොවැටී පවත්වා ගැනීමට නම් ඉක්මණින් තම සේවාවේ ප්‍රශ්නවලට ද පිළිතුරු සෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

Source – Newsi.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button