custom_html_banner1
දේශීය පුවත්

යුද හමුදා නිලධාරීන් 452කට සෙසු නිල 4,289කට උසස්වීම්

custom_html_banner1
Spread the love

12 වැනි විජයග්‍රහණයේ සැමරුම් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 452කට සහ සෙසු නිල 4,289කට උසස්වීම් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කරයි.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත මෙම උසස් කිරීම් සිදුකොට ඇත.

ඒ අනුව බි්‍රගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනකු මේජර් ජෙනරාල් නිලයටද, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනකු බි්‍රගේඩියර් නිලයටද, ලුතිනන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනකු කර්නල් නිලයටද, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනකු ලුතිනන් කර්නල් නිලයටද, කපිතාන් නිලයෙන් නිලධාරීන් 62 දෙනකු මේජර් නිලයටද, ලුතිනන් නිලයෙන් නිලධාරීන් 61 දෙනකු කපිතාන් නිලයට සහ දෙවැනි ලුතිනන් නිලයෙන් නිලධාරීන් 201 දෙනකු ලුතිනන් නිලයටද උසස් කර ඇත.

මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද නිලධාරීන් මෙසේය.

ජී.ඩී. සූරියබණ්ඩාර, එස්.පී.ඒ.අයි.බී. සමරකෝන්, ඩී.පී.යූ. ගුණසේකර, කේ.ආර්.කේ.කේ.ටී. බණ්ඩාර, යූ.ඩී. විජේසේකර, ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස්, එල්.ඩී.එස්.එස්. ලියනගේ, එම්.කේ. ජයවර්ධන, එම්.ජී.ටී.ඩී. රත්නසේකර, බී.කේ.එච්.කේ. කොට්ටවත්ත, ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක, ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.එම්.එම්.ආර්.එස්.පී. අලුවිහාරේ යන බි්‍රගේඩියර් නිලයේ සිටි මෙම නිලධාරීන් මේජර් ජෙනරාල් නිලයට උසස් කොට ඇත.

තවද බලලත් නිලධාරීන් ධ්ධ් 83 දෙනකු බලලත් නිලධාරි ධ් නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනකු බලලත් නිලධාරි ධ්ධ් නිලයට, සැරයන් 493 දෙනකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 1120 දෙනකු ලාන්ස් කෝප්‍රල් නිලයට අද දින සිට එනම් 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා තිබේ.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button