custom_html_banner1
දේශීය පුවත්

කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාගකොට ලබාගත් විජයග්‍රහණය අපි පා’වා දෙන්නේ නෑ – අගමැති අවධාරණය කරයි

custom_html_banner1
Spread the love

“ඔබට නිදහස ලබා දෙන්න රටට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රට යැයි.” අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අද සුවිශේෂ දවසක්! අපි තිස් වසරක ත්‍’ර ස්ත වාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර 12ක් සම්පූර්ණ වෙනවා.

2009 මැයි 18 වැනිදා මට හොඳට මතකයි මේ මුළු රටේම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමුන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ එදා ත්‍’ර ස්ත වා දීන් මිනිස් පලිහක් විදිහට යොදාගත්ත ලක්ෂ හතරකට වැඩි පිරිසක් අපි නිදහස් කර ගත්තා. අවුරුද්දට වතාවක් දෙකක් ජීවත්වන ගේ ‍ෙදාර, හරක බාන අත ඇරලා බඩු මුට්ටු පොදි බැඳගෙන ජීවිතේ විතරක් අතින් අරගෙන පාරට වැටිලා උතුරු නැඟෙනහිර අපේ ජනතාව සරණාගතයන් ලෙස තැනින් තැනට ගිය යුගය අපි නිමා කරලා දුන්නා.”

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button