custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ලංකාවේ ගුජුම්පියෝ කියලයි කෙල්ලෝ ඔහුට කියන්නේ – දිවයින පුරා කෙල්ලොන්ව පිස්සු වට්ටපු අනුහස්ගේ සැබෑම ජීවිතේ

custom_html_banner1
Spread the love

අනුහස් කියලා කියන නම අද වෙද්දී ලංකාවේ නොදන්නා කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. දෙවනි ඉනිමටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වශයෙන් රඟපාන ඔහුට ලොකු ප්‍රේක්ෂක ආකර්ශනයක් ලැබිලා තියනවා. ටෙලිනාට්‍යයේ අනුහස්, සැබෑ ජිවිතයේ රවීන් කනිෂ්ක ගැන තමයි අපි මේ ආකාරයෙන් කතාබහ කරන්නේ. ඔහුට සමහරු කියනවා ලංකාවේ රන්බීර් කපූර් කියලා. ඒ වගේම තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ඔහුට සමහර තරුණියෝ කියනවලු ලංකාවේ ගුජුම්පියෝ කියලත්.

ඔහුගේ කඩවසම් බව නිසා බොහෝ දෙනාගේ ආකර්ෂණය ලැබෙනවා වගේම තරුණියන්ගේ ආකර්ෂණය නම් වැඩියෙන් ලැබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. රංගනයෙන් පමණක් නොවෙයි ගායනයෙන් වගේම වැඩසටහන් නිවේදන ශිල්පියෙක් වශයෙනුත් කටයුතු කරනවා. ඔහු රඟපානවා, සින්දු කියනවා,නටනවා හැමදේම කරනවා ඉතින් මේ දවස් වල හැමෝම කතාවෙන දෙවැනි ඉනිමේ අනුහස්ට කැමැත්තෙන් තරුණියන් දෙන්නෙක්ම ඉන්නවා.

ඒ ආකාරයෙන් තමයි රවින්ගේ කළා ජීවිතය ගෙවීගෙන යන්නේ. ඒ වගේම ශාලිනී ප්‍රනාන්දු සහ රවීන් කනිශ්ක කියන්නේ මේ දිනවල ජනප්‍රිය නලු නිලි දෙපළක්. ඉතා කෙටි කාලයකින් බොහොමයක් රසික පිරිස අතරට යන්න ඔවුන්ට හැකියාව ලැබ තිබෙනවා.

රවීන් දෙරණ නාලිකාවට සම්බන්ද වෙන්නේ සාරංග මෙන්ඩිස් සහ එම නාලිකාවේ සභාපති වන ලක්සිරි වික්‍රමගේ මහතා නිසයි. ඒ වගේම කළා ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සමඟ මේ විදියට රඟපාන්න ලැබීමත් ලොකු ගෞරවයක් වගේම සතුටක් කියලයිරවීන් කියන්නේ. රඟපෑමට අමතකර පොඩි කාලේ ඉඳන්ම ඔහු ගායනයටත් ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ.

නමුත් අද කාලයේ සංගීතය ගමන් කරන පැත්ත බැලුවම ඒ ගැන නම් කිසිම සතුටක් නැහැ කියලයි රවීන්ගේ අදහස වෙන්නේ. එවැනි තත්වයක් එක්ක ලංකාවේ සංගීතය වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනා කියලත් ඔහු කියනවා. ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ රංග ශිල්පියෙක් විදියට වුනත් ඔහු ගොඩක්ම කැමති රවීන් ගායකයෙක් විදියට හදුන්වනවන්ම් කියලා කියනවා.

කලබලයක් නැතිව ජිවිතේ හැම හීනයක්ම ටිකෙන් ටික සැබෑ කරගෙන යනවා කියලා තමයි ඔහු කියන්නේ. ඒ වගේම තමන්ට ඇත දුන්නු හැමදෙනාම මතකයේ තියනවා වගේම මුල අමතක කරන්නේ නැහැ කියලත් රවීන් කියනවා.

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button