custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

ගුවන් සේවයේ රැකියාවක් කරන දෙරණේ අවුරුදු කුමරිය වුණු සෙව්වන්දි

custom_html_banner1
Spread the love

සෑම වසරකම වගේම අවුරුදු කුමරිය කුමරා තේරීමේ තරගාවලියක් පවත්වන්නට දෙරණ ආයතනය සියලු කටයුතු සුදානම් කරනවා. පසුගිය කාලයේ රටේ පැවති තත්වයත් එක්ක හැමෝම එකතුවෙලා කරන්න බැරි වුනත් කෙසේ හෝ ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වන්න සියලු කටයුතු සුදානම් කරගන්නවා.

ඉතින් මෙවරත් 2021 දෙරණ බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස තේරී පත් වුනේ සුරූපී තරුණියක් වූ සෙව්වන්දි ලියනගේ. ඇය ගම්පහ ප්‍රදේශයේ උඩුපිල නම් ගමේ හැදී වැදුණු සුරූපී යුවතියක්. ඇය අවසන් තුන්දෙනා අතරට තේරුණු සුරූපී තරුණියක්. කෙසේ හෝ ඒ තුන්දෙනා අතරින් කිරුල හිමිකරගන්නේ ඇයයි.

ගුවන් සේවිකාවක් ලෙසින් දැනටමත් කටයුතු කරන ඇය වයස විසි පහක් වෙන පවුලේ එකම දියණියද වෙනවා. ඇයගේ මුල්ම පාසැල වෙන්නේ ඇගේ ගමේ උඩුපිල පාසලයි. ඇය දක්ෂ ලෙස ඉගැනීම් කටයුතු කරගෙන ඉදිරියට යන චරිතයක්. ඉතින් ද්විතික අද්‍යාපනය වෙනුවෙන් ඇය මීලගට ඇතුලත් වෙන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටයි. එයින් උසස්පෙළින් පසු ඇය ගුවන්සේවය වෙනුවෙන් රැකියාවක් ලබාගන්නවා.

අන්න ඒ වගේ සුන්දර අතීතයක් ඇති ඇය අද දෙරණේ අවුරුදු කුමරියා වෙලා. ඉතින් අපි ඇයට සුබපැතුම් එකතු කරමු. කොහොම නමුත් අපිට නුදුරු දිනයකදී ඇයත් රංගන ක්ෂේත්‍රයෙන් අලුත් ටෙලි කතාවකින් අපිට දකින්න ලැබෙයි කියලා හිතනවා. මේ සුදානම් වෙන්නේ ඇයගේ ලස්සන ඔයාලට පෙන්වන්නයි.

 

 

custom_html_banner1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button