custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ළමා නිළි සෙලීනා ට්වින්කිගේ අලුත්ම හැඩ වැඩ

custom_html_banner1
Spread the love

මේ දවස්වල සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවමේ සනුලිගේ චරිතය නිරූපණය කරන සැබෑ ජීවිතයේ සෙලීනා ට්වින්කි කියල කියන්නේ මේ දිනවල ඉන්න ජනප්‍රිය හා හුරුබුහුටි ළමා නිළියක් කිව්වොත් හරි. සෙලීනා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හිරු නාළිකාවේ එක්තරා රියැලිටි තරගයකට ඉදිරිපත් වීමෙන් පසුයි. ඉතින් ඇය මේ වෙද්දි සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවම හරහා බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වෙලා ඉන්නවා.

රංගනයට පිවිසීමට කලින් සෙලීනා මුළින්ම වෙළෙඳ දැන්වීම් සඳහා තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ විදිහට ඇයට වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙන්නේ ඇය පෙනී සිටි ෆොටෝ ෂූට් එකක් නිසාලු. සෙලිනා ට්වින්කිගේ පවුලේ පුංචි දුව තමයි ඇය. තව ඇයට පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියලා දෙන්නෙක්. ඇගේ ලොකු අයියා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.

පොඩි අයියා උසස් පෙළ ලියලා වගේම ඇයත් තාම පාසැල් අධ්‍යාපනය හදාරන කුඩා දැරියක්. සෙලීනගේ පියා ව්‍යාපාරිකයෙක්. ඉතින් ඇයට ඇගේ රංගන කටයුතු වෙනුවෙන් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවාලු. ඒ නිසා ඇය ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම ඒත් එක්කම ඇගේ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යෑම තමයි ඇගේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හුරතල් සෙලීන ට්වින්කිගේ ලස්සන ඡායාරූප එකතුවක්.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button