custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

පැය 55ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම ආඝාතය සඳහා 35%ක ඉහළ අවදානමක් – WHO නවතම වාර්තාව හෙළිකරයි

custom_html_banner1
Spread the love

සතියකට පැය 55 ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම බරපතළ සෞඛ්‍ය අනතුරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිසර, දේශගුණික විපර්යාස හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මාරියා නීරා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිදුකරන ලද ඒකාබද්ධ අධ්‍යයනයෙන් හෙළි වූයේ මීට ගොදුරු වන බොහෝ වින්දිතයින් (72%) පුරුෂ පාර්ශ්වය බවයි.

ඒ අතර ඔවුන් මැදිවියේ හෝ ඊට වැඩි අය බවද එම පරීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

අග්නිදිග ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපයේ වෙසෙන ජනතාව මෙහිදී වැඩි අවධානයකට යොමුවී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වය සඳහා නිර්වචනය කරන ලද ප්‍රදේශයන්ටද ඒවා අයත් වනවා.

සමස්තයක් ලෙස ගත්විට, රටවල් 194ක දත්ත උපයෝගී කර ගනිමින් කරන ලද අධ්‍යයනයකින් කියැවුණේ සතියකට පැය 35-40ක් වැඩ කරනවා වෙනුවට, පැය 55ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම සැසඳීමේදී ආඝාතය සඳහා 35%ක ඉහළ අවදානමක් සහ හෘද රෝගවලින් මියයාමේ 17%ක වැඩි අවදානමක් ඇති බවයි.

මෙම අධ්‍යයනයෙන් 2000-2016 කාල පරිච්ඡේදය ආවරණය වූ අතර කොවිඩ්-19 වසංගතය එයට ඇතුළත් නොවූ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පැවසුවේ කොරෝනා වෛරස් හදිසි අවස්ථාව හේතුවෙන් ඇති වන ගෝලීය ආර්ථික මන්දගාමිත්වයද, වැඩි කාලයක් වැඩ කිරීමට යොමු කිරීමෙන් මෙම අවදානම් වැඩි කිරීමට ඉඩ ඇති බවයි.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් 9%ක් දෙනා දැන් දිගු වේලාවක් වැඩ කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ.

custom_html_banner1

සේවක ඵලදායීතාව ඉහළ නැංවීමට නම් සේවා යෝජකයන් විසින් නිශ්චිත පැය ගණනක් වැඩ කිරීමට සිය සේවකයන් යොදා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නිලධාරී ෆ්‍රෑන්ක් පෙගා පැවසුවේ.

Source – colombotimes.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button