custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

දුමින්ද සිල්වාට නොදෙන ජනාධිපති සමාව ජනාධිපති, රන්ජන්ට දෙයි කියලා හිතනවද? – දෙබරා

custom_html_banner1
Spread the love

රන්ජන් රාමනායක මහතා කාලෝචිත නොවන අයුරින් හුදකලා සටනක යෙදුනු පුද්ගලයෙක් බව දේශපාලන විශ්ලේෂක ජෝජ් සැමුවෙල් මහතා පවසනවා.

යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ දේශපාලඳයින් හටසිය පැවැත්ම පවත්වා ගැනීමට නම් ජනප්‍රිය මතය සමඟ සමපාත වීමට සිදුව ඇති බවයි.

තමන්ගේ මරණයෙන් හෝ සිරගත වීමෙන් තමන්ගේ මතවාදයට රුකුලක් නොලැබෙන්නේ නම් එවැනි අනවශ්‍ය අනතුරුදායක ක්‍රියා සිදු නොකර සබුද්ධිකව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රන්ජන් රාමනායක මහතා සිරගතව ගත කරන කාලය නාස්තියක් බවයි.

සියළුම කාලයන්හිදි පාලකයාගේ අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක වූ නමුත් රන්ජන් රාමනායක මහතාව වෙනුවෙන් විපක්ෂය විසින් සිදු කරන සටනේදී පවතින නීති රාමුව භාවිතා කරගෙනම එය සිදු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

නමුත් දුමින්ද සිල්වා නිදහස් කරගැනීම වෙනුවෙන් ඉතාමත් ප්‍රභල බලපෑමක් ඇති තත්වයක් මත වුවත් එය සිදු නොකරන ජනාධිපතිවරයා රන්ජන් රාමනායක මහතා නිදහස් කරනු ඇතැයි විශ්වාස කිරීම අපහසු බවද ඔහු පවසනවා…

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button