custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ප්‍රතිඵල වාර්තා ගොඩගැසෙයි – ගම්පහ PCR නවතියි – එන්නත්කරණයට මුල් තැන දෙන්නැයි ඉහළින් උපදෙස්

custom_html_banner1
Spread the love

පී.සී.ආර්. පරීක්ෂණ වල ප්‍රතිඵල ලබාදෙන රසායනාගාර ධාරිතාව ඉක්මවා යාම නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුළ පීසීආර් පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නට සිදුව ඇති බව අද (17) සවස වාර්තා විය.

PCR පරීක්ෂණ පසුගිය 06 වනදා සිට මේ දක්වා 2000කට අධික සංඛ්‍යාවක ප්‍රතිඵල ප්‍රමාද වී ඇති අතර මේ හේතුවෙන් නිරෝධායනය අවසන් කර නැවත යථා ජීවිතයට පිවිසීමට අපේක්ෂාවෙන් පසුවන විශාල පිරිසක් තීරණයක් ගත නොහැකිව සිටින බව වාර්තා විය.

ඇතැමුන් දින 14 ඉක්මවා දින 20කට ආසන්න කාලයක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිරෝධායනය වෙමිනි සිටින බව ද පැවසිණි.

වෛද්‍ය රසායනාගාර වල සාම්පල ගොඩගැසී ඇති වාතාවරණය තුළ සාම්පල කල් ඉකුත් වී ඇති නිසා ප්‍රතිඵල නිවැරදි වීමේ සම්භාවිතාව අඩු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.

මේ නිසා අද දහවල් ඉහළින් උපදෙස් ලැබී ඇත්තේ සියලුම පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා එන්නත්කරණයට ප්‍රමුඛස්ථානයක් දෙන ලෙසය.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන්ට මෙම උපදෙස් ලැබී ඇත.

Source – ceylon24x7.com

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button