custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල අවිධිමත් බවට ජනතාවගෙන් මැසිවිලි

custom_html_banner1
Spread the love

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අදත් ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කෙරුණි.

මේ වන විට එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති පිරිස දහතුන් ලක්ෂ පහලොස් දහස් දෙසිය පනස් හතක් වන අතර එය මුළු ජනගහනයෙන් 6%ක පමණ ප්‍රතිශතයකි.

බස්නාහිර පළාතේ බොරැල්ල, රත්මලාන , අත්තිඩිය , මොරටුව කැලණිය සහ ගම්පහ යන ප්‍රදේශවල එසේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක විය.

තමන්ට එන්නත ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් ඊයේ (17) දින වර්ජනයක් දියත් කිරීමට සූදානමින් සිටි නමුත් පසුව ඔවුන්ට කොළඹදී එන්නත ලබාදීමට පියවර ගැනීම නිසා ඔවුන් විසින් වර්ජන තීරණය අත්හිටුවනු ලැබීය.

කෙසේවෙතත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රමවේදයක් නොමැතිකම නිසා තමන් දුෂ්කරතාවට පත්වූ බවට ස්ථාන රැසක ජනතාව මැසිවිලි නැගීය.

අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවට කොවිඩ් එන්නත් වර්ග තුනක් ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 267,077ටත් ලබාදී ඇති අතර සයිනොෆාම් පළමු මාත්‍රාව 375,316ටත්, දෙවන මාත්‍රාව 2,435ටත් ලබාදී තිබේ .

custom_html_banner1

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ගණන 14,699කි.

Courtesy – Ada Derana 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button