custom_html_banner1
දේශීය පුවත්

පාස්කු සිදුවීම පිටුපස දැවැන්ත කුම’ න්ත්‍රණයක් – නීතිපති ආන්දෝලනාත්මක හෙළිදරව්වක

custom_html_banner1
Spread the love

පාස්කු ඉරිදා ප්‍ර’ හා රය පිටුපස දැවැන්ත කු’ ම න්ත්‍ර ණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍ර’ හා රය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කු’ ම න්ත්‍ රණයක් මෙම ප්‍ර’ හා රය පිටුපස තිබූ බව පෙනී යන බවය.

මෙම දැවැන්ත කු’ ම න්ත්‍ රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවු’ ෆර් මවු’ලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහ’මොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

කු’ ම න්ත්‍ රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් ප්‍ර’ හා රයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කු’ ම න්ත්‍ර ණ කාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.

මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍ර’ හා රය ට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා පැවසුවේය.

දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවය.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button