custom_html_banner1
විදෙස් පුවත්

පළමු වරට මිනිසුන් යොදාගනිමින් කොවිඩ් වෛරසය ගැන පරීක්ෂණයක්

custom_html_banner1
Spread the love

ලොව පළමු වරට මිනිසුන් යොදා ගනිමින් කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සූදානම් වනවා.

මෙම අධ්‍යයනය ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා අවුරුදු 18ත් 30ත් අතර තරුණ නිරෝගී පුද්ගලයන් 90 දෙනෙකු යොදා ගැනිමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ආරක්ෂිත සහ පාලිත පරිසරයක මෙම පිරිසට කොවිඩ් වෛරසය එන්නත් කර පසුව එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙර මැලේරියාව, කොළරාව සහ සෙංගමාලය වැනි රෝග සඳහා ද මෙම ක්‍රමය සාර්ථකව යොදාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සඳහන් කළේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button