custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අද තිබිලා හෙට නැති වෙන හීන දකින්න මම කැමැති නැහැ – මිහි හරහා රටම ආදරය කරන තිවංකා නානායක්කාර

custom_html_banner1
Spread the love

මිහිකතට පායපු මේ සොදුරු රුවැත්තිය අපිට හමුවෙන්නේ දෙරණ රුපවාහිනියේ සතිඅන්තයේ විකාශය වන මිහි ටෙලිනාට්‍ය හරහායි. හැමෝම කතාවෙන මේ මිහි ටෙලිනාට්‍යයේ රූපසුන්දරිය තමයි තිවංකා නානායක්කාර. ඉතින් පහුගිය වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කර ගන්නට වාසනාවන්තිය උනේ ඇයයි. කළා ක්ෂේත්‍රයේ තරුවක් වෙන්න කුඩා කාලයේ ඉදලාම හීන දැකපු ඇය අද ඒ හීනය වගේම ජනතාවගේ ආදරය දිනාගෙන තරුවක් බවට පත්වෙලා හමාරයි. ඇයගේ ජීවිතයට ලැබුණු නුහුරු අත්දැකීම් වලින් සතුට විදින මොහොතක ඇය පුවත් පත් සාකච්චාවකට එකතුවෙලා තිබුනේ මෙහෙමයි.

මම පසුගිය වසරේ දෙරණ අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය දිනා ගත්තාට පස්සේ නිර්මාණවල තිර පරීක්ෂණවලට සහභාගි වුණත් ඒවාට සම්බන්ධ වුණේ නැහැ. ඔය අතරේ තුෂාර තෙන්නකෝන් ගේ නවතම ටෙලි නිර්මාණයකට නවක මුහුණු හොයන බව දැන ගන්න ලැබුණා. ඒ තිර පරීක්ෂණයෙන් තේරීලා තමයි මට මිහි ටෙලි නාට්‍යයට හා හා පුරා කියලා සම්බන්ධ වෙන්න ලැබුණේ. එහි මට ගැමි සහ නාගරික චරිත ද්විත්වයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ කුලුඳුල් රංගනයම මට වෙනස් අත්දැකීමක් විදිහටයි දැනුණේ. මට රංගනය ගැන කිසිම හැදෑරීමක් තිබුණේ නැහැ. අධ්‍යක්ෂවරයා රංගනය පිළිබඳ මුල සිටම බොහෝ දේවල් කියලා දෙනවා. ඒ උපදෙස් හා මඟපෙන්වීමෙන් තමයි වගීෂා සහ අනුත්තරා යන චරිත දෙකට අනුගතව මම රංගනයට එකතු වෙන්නේ. අනුත්තරා කියන්නේ කතාවේ වර්තමාන චරිතය. ග්‍රාම සේවක විදිහට තමයි මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ.

අධ්‍යක්ෂවරයා මං ගැන තැබූ විශ්වාසයට මම සාධාරණයක් කළා යැයි මම හිතනවා. මට මෙතරම් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ලැබෙන ප්‍රතිචාරවලින් මම ඒ චරිතවලට සාධාරණයක් කළා යැයි හිතනවා. අධ්‍යක්ෂතුමාගෙන් මම නිතර අහනවා රංගනයේ වැඩි දියුණු කරගත යුතු තැන් ගැන ඒ උපදෙස් සමඟ තවත් පියවරක් ඉදිරියට තියන්න තමයි මම උත්සාහ කරන්නේ. නිර්මාණයේ දකින වගීෂා සහ අනුත්තරාගේ චරිත දෙකේ සමහර ගති ලක්ෂණ මං ළඟ තිබුණට මම ඒ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්, කෙළින් කතා කරන පින පව විශ්වාස කරමින් ඒ ගැන හිතලා වැඩ කරන කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම මට රංගනයට වගේම අවුරුදු කුමරියක් වෙන්නත් කැමැත්තක් තිබුණා. නමුත් මේ තරගයට ඉදිරිපත් වුණේ රංගනය ගැන හිතාගෙන නම් නෙමෙයි. නමුත් ඒ තරගය මට රංගනයට පිවිසෙන්න පහසුවක් වුණා. මම රූගත කිරීම්වලට යන්නේ අම්මා හෝ පෙම්වතා එක්ක. දැන් නම් බොහෝ වෙලාවට රූගත කිරීම්වලට මාව එක්ක යන්නේ මගේ පෙම්වතා. අපි මුල ඉඳන්ම සැලසුමකටයි වැඩ කළේ. ඔහුගෙන් හොඳ මඟපෙනවීමක් හා සහයෝගයක් ලැබෙනවා. ඔහු නම් ව්‍යාපාරිකයෙක්. නම දසුන් සුබසිංහ. අපේ ආදර කතාවට දැන් අවුරුදු හතරකුත් ගෙවිලා. මගේ ජීවිතේ හෙවණැල්ල වෙලා ඉන්නේ ඔහු. තිවංකා කියලා කෙනෙක් ඉන්නවා නම් අද ඔහු තමයි මම මේ යන ගමනේ ශක්තිය. විවාහයටනම් නම් තව අවුරුදු හතරක් පහක් විතර යයි. සම්පූර්ණ කරගනිමින් යන අපේ සැලසුම් අතරේ විවාහයත් එක තැනක තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ මට තිබෙන ඉලක්කය තමයි හොඳම කියන කොටසට නියෝජනය කරන්න, මගේ දක්ෂතාව මනාව හසුරුවමින් දක්ෂතම රංගන ශිල්පිනියක් වීමයි මගේ හීනය. ඒ හීනෙට යන්න දැනටත් අලුත් ආරාධනා ලැබෙනවා. ඒ අතර සිනමාවේ හා පුංචි තිරයේ මගේ හැකියාව හොඳින් ඉස්මතු කරන්න පුළුවන් නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා. නමුත් රංගනයෙන් කාර්යබහුල වෙන්න නම් මගේ අදහසක් නැහැ. ජනප්‍රියත්වය හොඳ දෙයක්. නමුත් අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. නැති වෙන දේකට හීන දකිනවට වඩා රැඳෙන්න පුළුවන් හොඳ දෙයක් කරන්න මම කැමැතියි. මගේ අවධානය රංගනය ගැනයි. මගේ කෑම බීම, ඇඳුම් පැලැඳුම් හැම දේ ගැනම පෙම්වතා සැලකිලිමත් වෙනවා. ඒ නිසා මට ඔළුවට බරක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button