custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දීපිකාටත් වඩා ලස්සන දකින දකින කොල්ලා වශී වෙන පොදු ටෙලිනාට්‍යයේ සුරූපී නිලූ

custom_html_banner1
Spread the love

නවක නිලියක් විදියට කළා ක්‍ෂේත්‍රයට පැමිණ කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වුණු සුරූපී තරුණියක් තමයි ලහිරුණි සල්වතුර කියලා කියන්නේ මේ දවස්වල ඇයගේ ජනප්‍රියම නාමයෙන් හඳුන්වනවා නම් “නිලූ” කිව්වම හැමදෙනාම ඇයව හඳුනනවා දෙරණ නාලිකාවේ “පොදු”ටෙලිනාට්‍යයෙන් ජනප්‍රිය වුනු ඇය කලාවට පිවිසෙන්නේ ඒ විදියට.

එම ටෙලිනාට්‍යයේ නව මුහුණු රැසක්ම දකින්න ලැබෙනවා. ඒ අතරින් නිලුගේ චරිතය රඟපාන ලහිරුණි සල්වතුර පිළිබඳවයි මේ කතා බහ. ඇයගේ ගම පළාත වෙන්නේ මීගොඩ, නමුත් ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ වැලිසර. ඇයගේ පවුලේ ඉන්නේ අම්මයි,තාත්තයි,නංගිලා දෙන්නෙක් ඉන්නවා.

ඒ විදියට තමයි ඇයගේ පවුලේ විස්තර ගැන දැනගන්න ලැබෙන්නේ. ඇත්තෙන්ම දැන් ඇය ලංකාවේම ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්නේ ඒ ගැන දහස් දක්වමින් ඇය කියන්නේ ජීවිතයේ කවදාවත් නොසිතපු මොහොතක මගේ සිහිනය සැබෑ වුණා කියලා. ඇය කවදාවත් හිතුවේ නැහැලු මෙතරම් ඉක්මනින් ලංකාවේම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙන්න හැකියාව ලැබේවි කියලා. ඒ හැමදෙයක්ම ලැබුනේ පොදු ටෙලිනාට්‍යයේ නිලූ නිසා කියලයි ඇය කියන්නේ.

ලහිරුණි මේ ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ ඇයගේ යෙහෙලියක් හරහා. ඒ හරහා උදේශ් කුමාර හඳුනගෙන තමයි ඉන් පස්සේ “පොදු”ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ. එකේ සම්මුඛ පරීක්ෂණයට ගිහින් සති කිහිපයකට පස්සේ ඇයට ඇමතුමක් ලැබෙනවා. “පොදු” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට ඇයව තෝරාගත්තා කියලා.

ඒ වචන ටික අසුනට පස්සේ ඇයට ගොඩක් සතුටු හිතුනලු. ඒ වගේම දෙරණ වගේ ප්‍රධාන නාලිකාවක විකාශය වන ජනප්‍රියම ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම ලොකු සතුටක් කියලා ඇය කියනවා. ඒ වගේම එහෙම වෙන්නත් ලොකු පිනක් කරලා තියනවා කියලත් ඇය කියනවා. ඉතින් අන්න ඒ විදියට තමයි නිලූ විදියට ඇය ලංකාව පුරා ජනප්‍රිය වෙන්නේ. ඊට කලින් ඇය ගුවන් සේවිකාවක් විදියට අවුරුදු දෙකක් විතර සේවය කරලා තියනවා. නමුත් අධාපන කටයුතු කරන නිසා ගුවන් සේවයෙන් ඉවත් වෙලා උපාදිය සඳහා කටයුතු කරලා තියනවා, ඒ අතරතුර තමයි ඇයට මේ ටෙලිනාට්‍යයට සම්බන්ද වෙන්න අවස්තාව ලැබිලා තියෙන්නේ.

මුලින්ම නම් ඇය රඟපානවට පෙම්වතා වැඩි කැ මැත්තක් තිබි ලා නැ’ හැ. ඊට පස්සේ හැමදෙයක්ම තෙරුම්කරලා දුන්නට පස්සේ පෙම්වතාගෙන් වගේම ඔහුගේ පවුලේ අයගෙනුත් ඒකට අවසර ලැබුනලු. නමුත් ඇයගේ මවුපියනෙන් වගේම පවුලේ අනෙක් ඇයගෙන් මේ සඳහා අකමැත්තක් දක්වලා නැහැ. හැමදාමත් ඇය දෙමවුපියන්ගේ විශ්වාසය රකිමින් කටයුතු කල නිසා විශ්වාසයක් තිබෙන නිසා.ඇයට සම්පූර්ණම නිදහස දීලා තියනවලු.

‘පොදු’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂිකා වෙන්නේ දෙරණ නාලිකාවේ වැඩසටහන් ප්‍රධානී ශර්මිලා ධර්මරාසා මහත්මියයි. ලහිරුනි කියන විදියට ඒ වගේ අධ්‍යක්‍ෂිකාවක් ලැබීමත් වසනාවක්ලු. මොකද ගැහැනියකට, ගැහැනියක් තේරුම් ගැනීම පහසු නිසා කියලා ඇය කියනවා. ඒ වගේම ඒ සඳහා හැමදෙනාගෙන්ම ලැබුණු සහයත් එක්ක මේ තැනට එන්න අවස්තාව ලැබුනා කියලා ඇය කියනවා. ඒ ජනප්‍රියත්වයත් එක්ක තවත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියනවලු. ඒවගේම ඇය මේ මියුසික් වීඩියෝ වලත්,ජනප්‍රිය වෙළඳ දැන්වීම් වලටත් දායකත්වය සපයනවා.

custom_html_banner1

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button