custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

රටේ හමුදා පාලනය ගැන ලෝකයට කියන්න ගිය, මිස් මියන්මාර්ට රටත් අහිමි වෙයි

custom_html_banner1
Spread the love

මියන්මාරය නියෝජනය කරමින්, විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ Thuzar Wint Lwin තම රට වෙනුවෙන් හඬක් නගන ලෙස ලෝකවාසී ජනයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ, මේ වනවිට මියන්මාර් හමුදා පාලනය මගින් රට තුළ ගෙන යන දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියයි.

අවුසාන් සූකීගේ නායකත්වයෙන් පැවැති මියන්මාර් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළා දමා හමුදාව බලය අතට ගැනීමෙන් අනතුරුව සිදු වූ ගැටුම් හේතුවෙන් මියන්මාර් සාමාන්‍ය වැසියන් 800කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා.

මෙම ගැටුම්කාරී වාතාවරණය පිළිබඳ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම සඳහා මියන්මාර් රූ රැජින අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැති විශ්ව රූ රැජින තරගයේ මූලික වටයේ තරගවලදී කටයුතු කරනවා.

ඒ, විශ්ව රූ රැජින තරගාවලියේ රට රටවල ජාතික ඇඳුම් සඳහා වෙන්ව ඇති තරග වටයේදී තම රට වෙනුවෙන් යාඥා කරන්න (Pray for Myanmar ) යනුවෙන් සඳහන් වූ බැනරයක් ප්‍රදර්ශනය කරමින්.

ඇයගේ මෙම ක්‍රියාව සඳහා දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වූ අතර ඇය මියන්මාරය වෙනුවෙන් රූ රැජිනක් ලෙස හඬ අවධි කළ පළමු අවස්ථාව ද මෙයා නොවේ.

මේ තරගාවලියේදී මූලික වටයේ තරගවලදී ඇය සිය රටේ ජනයා මිලිටරි පාලනයේ යකඩ සපත්තුවට පෑගී පීඩා විඳින අයුරු ඉතා හැඟීම් බරව ප්‍රකාශ කළා.

custom_html_banner1

මේ හේතුවෙන්, ඇයට මේ වනවිට මියන්මාරයට ප්‍රවේශ වීමට එරට හමුදා පාලනය තහනම් කර ඇත්තේ, ඇය රටට ද්‍රෝහි වූ බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් Thuzar Wint Lwin හට විශ්ව රූ රැජින අවසන් වටය නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබුණ ද වයඹදිග මියන්මාරයේ චින් ජනයාගේ ජනවාර්ගික ඇඳුමකින් සැරසි සිටි ඇයට හොඳම ජාතික ඇඳුමට හිමි සම්මාන හිමි වුණා.

21 හැවිරිදි මෙම මියන්මාර සුරූපිනිය එරට රාජ්‍ය විශ්වවිද්‍යාලය ඉංග්‍රීසි භාෂා උපාධියක් හදාරන අතර ඇය එරට ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියක් ද වනවා.

පසුගිය පෙබරවාරි මස 01 වනදා හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාර බලය එරට ආරක්ෂ අංශ වෙත පවරා ගනු ලැබුවා.

එහිදී ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලැබු වෙඩි තැබීම්වලින් මේ දක්වා මිය ගිය පිරිස 790 ක් බවත්, තවත් 4000කට ආසන්න පිරිසක් අත්අඩංගුවේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

01

 

 

 

02

03

04

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button