custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

පාසලේ කැන්ටිමෙන් ඇරඹුණු වරුන් ධාවන්ගේ විවාහය – (PHOTOS)

custom_html_banner1
Spread the love

වරුන් ධාවාන් සහ නතාෂා දලාල් අතර ප්‍රේම සම්බන්ධය ඇරඹුණේ බොහෝ කලකට ඉහතදී ඔවුන් උසස් විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදීය. හයේ පන්තියේ සිටම ඔවුහු එකිනෙකා දැන සිටියහ. පාසැල් භෝජනාගාරයේදී ඇය මුලින්ම දුටු දිනයේම තමා තුළ ආදරයක් ඇති වූ බැව් ගුවන් විදුලි වැඩ සටහනකදී වරුන් කියා තිබිණි.

සිය පෙම් සිහිනය සැබෑ කර ගනිමින් ඔවුහු දෙදෙනා 24 ඉරිදා ආලියාබාග්හිදී අතිනත ගත්හ. මෙය සමීපතම ඥාතීන් සහ මිතුරන් පනහක් පමණ සහභාගි කරවා ගත් උත්සවයක් වූයේය.

සිය මංගල උත්සවය වෙනුවෙන් සුදු පැහැති ලෙහංගා ඇඳුමකින් සැරසෙමින් සුදු මල් හිසේ පැළඳගෙන සිටින මනාලියගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබු අතර එය වේගයෙන් සංසරණය වූයේ ඇය අති සුන්දර මනාලියක වීම නිසාය.

මංගල උත්සවය පැවැත්වුණ ශාලාව අවට ආරක්ෂාව තර කර තිබූ අතර දුරකථන රැගෙන එහි ඇතුළු වීමටත් අවසර නොවිණි.
අඟහරුවාදා ඔවුන් නැවතත් මුම්බායි කරා පැමිණි අතර දෙදෙනාගේ ආදරණීය ඉරියව් දැක්වෙන ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ තිබිණි….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button