custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කොවිඩ් රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය ගත් අලුත් ම තීරණය

custom_html_banner1
Spread the love

කොරෝනාවෛරසය ආසාදනය වන පුද්ගලයන් ඔවුන් පදිංචි ආසන්න ම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කර ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

යම් පුද්ගලයෙකු කොරෝනාවෛරසයට ගොදුරු වූ විට එම තැනැත්තාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපාන මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ කොවිඩ්-19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද (මැයි 17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී ය.

තව ද සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මගින් ඉදි කරනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීමට ද එම කමිටුවේදී තීරණය කර තිබේ.

ඒ අනුව, තීරණය කර ඇත්තේ, වැඩිපුර සෞඛ්‍ය කාර්යය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් එම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය කාර්යය මණ්ඩල යොමු කිරීමට ය.

මීට අමතරව දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දී ඇති අතර ආසාදිතයන් හඳුනාගැනීමට පී.සී.ආර්. පරීක්ෂණවලට සමගාමීව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වැඩි වශයෙන් කළ යුතු බවට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button