custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් ආසාදිතයින් නිවසේ තබන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්

custom_html_banner1
Spread the love

කොවිඩ් ආසාදිතයින් නිවසේ තබා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් වැඩිදුර කරුණු විමසා සිටියා.

අද (17) පැවැත්වෙන රැස්වීමකින් අනතුරුව මේ පිළිබඳව සියලුම නිර්නායක විමසා බැලීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවත් , විශේෂයෙන් ආසාදිතයින් ගෙදර තැබීම සිදු වන්නේ රෝහල්වල ඉඩ මදිකම නිසා නොවන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා

ක්‍රම 3කට අනුව ක්‍රියා කරන බවත් යම්කිසි කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව රෝහලකට යැවීය යුතු ආසදිතයෙක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ වෛද්‍ය නිලධාරියා විසින් රෝගියා රෝහලට යොමු කරනු ඇති බව ඔහු සඳහන් කළා.

රෝහල් තුල ප්‍රතිකාර ගත යුතු පුද්ගලයින් සිටිනම් ඔවුන් අනිවාර්යෙන් රෝහල්වල රඳවා ප්‍රතිකාර ගත යුතු බවත් හමුදාපතිවරයා සඳහන් කළා.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ප්‍රතිකාර කළ යුතු රෝගීන් ලෙස තවත් කොටසක් සිටින බවත් ඔවුන් ආසාදිතයින් වුවත් රෝග ලක්ෂණ අනුව අමාරු නොවන බැවින් මොවුන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවන බවත් සඳහන් කර සිටියා.

රෝගී ලක්ෂණ නොමැති අපහසුතා නොමැති කණ්ඩායම් නිවසේ රඳවා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යතාව අනුව රෝහල්වලට යොමුකරන බවත් යුද හමුදාපතිවරයා පවසනවා.

Source – Live@8

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button