custom_html_banner1
දේශපාලන පුවත්ප්‍රධාන පුවත්

2025දී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට සරත් ‌ෆොන්සේකා?

custom_html_banner1
Spread the love

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට දේශපාලනයේ “විපක්ෂය” දේශපාලනික වශයෙන් යම් පසුබෑමකට ලක් වීම දකින්නට ලැබුණා. මෙරට පැරණිතම හා විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස සැළකුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම ඊට ප්‍රධානතම හේතුව බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

මේ සමගම එක්සත් ජාතික පක්ෂය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට සීමා වීමත් එම මන්ත්‍රීධූරයට පවා අයෙකු නම් කිරීමට එජාපය අසමත් වීමත් විපක්ෂයේ දේශපාලනය කඩා වැටී ඇති තත්වය පැහැදිලි කිරීමට උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. මේ තත්වය යටතේ වුවත් සමගි ජන බලවේගය නව දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට පැමිණෙමින් සිටියත් එහි නායකත්වය නිශ්චිත නොවීම එම පක්ෂය තුළ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි නායකයා ලෙස පිළිගැනුන ද නායකත්ව මණ්ඩලයක් මගින් සමගි ජනබලවේගයේ තීරණ ගනු ලබයි.

සමගි ජනබලවේගයේ න්‍යයාචාර්යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාඨලී චම්පික රණවක මහතා බව දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ රහසක්. 2025 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ චම්පික රණවක බව එම පක්ෂයට හිතවත් එක් පිරිසකගේ අදහස වී තිබෙනවා. තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ම යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව පවසනවා. මේ අතර ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් වන ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් 2025 ජනාධිපතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බවට මතයක් ඉදිරිපත් කර ඇති අතර මේ වනවිටත් ජනතා අප්‍රසාදයට ලක්ව නොමැති, කිසිඳු චෝදනාවකට ලක්ව නොමැති අයෙකු ඊට වඩාත් සුදුසු බවට යෝජනා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද ඇතුළත් වී සිටින බව වාර්තා වේ.

මේ සඳහා ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග ද සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනුවෙන් කොටස් දෙකක් තිබිය යුතු නැති බවත් තම අනන්‍යතාවය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නැමැති මහා රුක්ෂය යටතේ බවටත් එම මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර ඇති අතර එජාපය නැවත ප්‍රතිසංවිධානය කර 2025 ජනාධිපති අපේක්ෂකයා යටතේ පක්ෂය නැවත නගා සිටුවිය යුතු බවට ද ඒ සඳහා දැනට පක්ෂයේ බලය රඳවාගෙන සිටින පිරිස් සමග සාකච්ඡා කළ යුතු බවට ද එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මෙම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ හිටපු න්‍යයාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කර සිටින අතර එම න්‍යයාචාර්යවරයා දැනට වෙනත් රටක සිට මෙම කටයුතු මෙහෙයවන බව ද වාර්තා වේ.

Source – Girayanews.lk
ගිරය දේශපාලන වාර්තාකරු

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button