custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි – අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

custom_html_banner1
Spread the love

මුව ආවරණය මතුපිට නිතර නිතර අතින් ස්පර්ශ කිරීම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

මුව ආවරණය පැළඳීමේ මූලික අරමුණ වන්නේ පරිසරයෙන් පැවතිය හැකි වෛරස ඔබගේ මුව හා නාසය ප්‍රදේශයේ ස්පර්ශවීම වළක්වා ගැනීමයි.

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය නිතර ඇල්ලීමෙන් එම වෛරස ඔබගේ ශරීරයට ඇතුළු වීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මූලික උපක්‍රමය වන මුව ආවරණය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් බවත් මුව ආවරණ පැළඳීම තුළින් මේ වන විට මුළු ලෝකයේම පවතින වෙනත් ශ්වසන රෝග ද අවම වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

එකම මුව ආවරණය බොහෝ කලක් පාවිච්චි කළ නොහැකි අතර එය සෝද සෝද පාවිච්චි කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් ඔහු පැවසුවා.

රෙදි මුව ආවරණ නම් සෝදා භාවිත කල හැකි වුවද එවැනි අවස්තාවක මුව ආවරණ දෙකක් පැලඳිය යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

භාවිතා කල මුව ආවරණ මතුපිට විසබීජ තැවරී තිබිය හැකි බැවින් ඒවා ගලවා මේස මත තැබීමෙන් වැලකිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

custom_html_banner1

එමෙන්ම පාවිච්චි කළ මුව ආවරණද ඉතා ප්‍රවේශමෙන් බැහැර කළ යුතු අතර මුව ආවරණය පැළඳීමෙන් වෛරසය ඇති පුද්ගලයා අන් අය ආරක්ෂක කරනවා මෙන්ම මුව ආවරණය පළඳින පුද්ගලයා අන් අයගෙන් ආරක්ෂා වෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button