custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා රෝගීයෙක් ජීවිතය බේරා ගත් හැටි – අනිවාර්යයෙන් මේක කියවන්න

custom_html_banner1
Spread the love

දෛවය සරදමකට මාහට වැලදුනු කෝවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය සහ මාහට ඉතාමත් සැකසහිත PCR පරීක්ෂණය.

මාගේ පුද්ගලික ඡායාරූප කීපයක් මා ප්‍රසිද්ධ සමාජජාලාවට එක්කරන මාගේ ඒකායන අරමුන කොවීඩ් 19 නිව්මෝනියා ආසාදනය වී සිටි සමයේ මා ලැබු දැඩි වේදැනාව, මානසික පීඩනය,අද වන විටත් මා ඒ අසුන්දර අතිතය මතක් වන විටත් මා ලබන මානසික පිඩනය ඔබට තේරුම් කර තව අයෙකු හෝ මෙයින් බේරාගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරන නිසාය.. රොගය වැලදුනා කියා මාගේ අනුමානය.05/04/2021 දින කෝවිඩ් ආසාදිත මාගේ මිතුරෙකු සමග දිවා ආහාරය ගැනීමට. ඔහුට රෝගය ආසාදනය වී ඇති බව මා දැනගන්නේ 09/04/2021.එදිනම රාත්‍රී 09.00 ට පමන මා මාගේ මුල්ම PCR පරීක්ෂණ කිරිම.එහි results Negative ලෙස පැමිනෙන්නේ 11/04/2021.13/04/2011 දින රාත්‍රී මාගේ ඔලුව ඉතා මද වශයෙන් රිදීමට පටන් ගැනිම..මා එය එතරම් නොසැලකුවේය.

16/04/2021 දින වන විට මාගේ උගුරේ සෙම ගතිය තිබුනත් පිටතට නොපැමිනිම නිසා හිසරදය ඇතිවු විට මා Panadol ගත් විට එය මදවේලාවකින් සහනය විය.මා නිසි වෛද්‍ය වරයෙකු වෙත යොමු නොවුනේ මාගේ ඊලඟ PCR පරීක්ෂණ තිබුනේ 18/04/2021ට යෙදී තිබුනු නිසාය.18/04/2021 වන විට මා තරමක් අසනීප තත්වයෙන් පත්විය..

18/04/2021 මාගේ දෙවන PCR පරීක්ෂණ කිරීම. (PCR REPORT- MELSTA LABS)එහි results Negative ලෙස පැමිනෙන්නන් 19/04/2021. මේ PCR ප්‍රතිඵලය ගැන මා හට තිබෙන්නෙ දැඩි සැකයකි.19/04/2021 දින වන විට මා යම්කිසි දුරකට මා අමාරු රෝගි තතවයකින් පෙලීය.20/04/2021 මාගේ හිතවත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තේය. නමුත් රෝගය අඩුනොවු නිසා මා නැවතත් 24/04/2021 මා නැවතත් වෛද්‍යවරයා හමුවි ප්‍රතිකාර ගැත්තේය.නමුත් රොගය අඩු නොවීය. ඒ නිසා මා 26/04/2021 දින මා වෙනත් වෛද්‍යවරයකු හමුවීමට ගියෙමි. එවිට ඔහු මාවෙත පැවසුවේ මාහට ඇදුම රෝගය මදවශයෙන් හටගෙන ඇතිනිසා මාහට Inhaler එකක් පාවිච්චි කිරීමට ලබාදුන්නේය.නමුත් 26/04- 27/04 රාත්‍රී දෙකම නිදි වර්ජිතව ගතකරේය. එමනිසා 28/04/2021 දිනමා තිරනය කරේ Asiri central රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ගැනමට.

මා Dr K.Thirawalan හමුවිය. එවිට ඔහුමාහට පැවසුවේ මා B’ronchitis රෝගය වැලදී ඇති බව ඔහුට හැහී යන බවයි.ඔහු මාහට රෝහලේ administration එකට ගොස් register වෙන්න කියා උපදෙස් ලබා දුන්නේය. මේ සියලුම වෛද්‍යවරු මාගේ රෝග විනිශ්චය නිසියාකාරව හදුනානොගත්තේ 18/04/2021 කරපු PCR පරික්ෂණය නිවරදී තාවයක් නොමැති වු නිසා කියා මා තරයේ විශ්වාස කරන නිසාය.රෝහල් කාර්ය මන්ඩලය මාහට දැනුම් දුන්නේ රෝහල් ගතවන සියලුම අය Rapid Antigen පරීක්ෂණයක සිදුකල යුතු බවයි.
එම අවස්ථාවේ මා සහ මාගේ බිරිඳ කොවිඩ් 19 ආසාදිතයින් බව දැන්විය..අප දෙදෙනාම එකම අවස්ථාවක කෝවිඩ් ආසාදනය වීම මාහට වෙස්වලාගෙන පැමිනි දේව ආශිර්වාදයක් ලෙස මා සලකමි. එය මා පසුව විස්තර කරමි.

අපි දෙදෙනා කෝවිඩ් ආසාදිතයින් වීමෙන් පසු රෝහලෙන් අප වෙත පැවසුවේ සාමාන්‍යයෙන් කොවිඩ් රෝහීන් බාර නොගන්නා බවත්, අප දෙදෙනා රොහල තුලදී Positive වීම නිසා නේවාසිකව ප්‍රතිකාර කිරීමට එකගවිය.

එදින රාත්‍රී මා නැවති සිටි කාමරයට පැමිනි ඉතා කාරුණික Sister Chandrani මහත්මිය මාගේ මූලික ප්‍රතිකාර පටන්ගත්තේය.. මේ අතරේ 29/04 දින මා හට රෝහලෙන් දන්වා සිටියේ මාහට ප්‍රතිකාර කිරීම Dr K. Thirumawalan විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.. එවිට මා රෝහලට දන්වා සිටියේ මාහට ප්‍රතිකාර කිරීමට කැමති කුමන හෝ වෛද්‍යවරයකුට මා යොමුකරනා ලෙසයි.එවිට මාහට ප්‍රතිකාර කිරිම සදහා වෛද්‍ය Thurul Attygalle මහතා සහ ඔහුගේ කාර්යමණ්ඩලය බාරගත්තේය..

custom_html_banner1

මම 29/04 – 30/04 මා සාමාන්‍ය අයුරුන් ගතකරේය.30/04 දවල් chest physician Dr Aflah Safikren මහතා ඇවිත් මාගෙන් ඇසුවේ ඔයාට Bathroom එකට යනකොට මහන්සි ගතියක් එනවාද කියලා . මට ඒ වෙනකොට එහෙම මුකුත් අමාරුවක් දැනී තිබුනේ නෑ. මම පැවසූවේ එහෙම දෙයක් නෑ කියලා. නමුත් ඔවුන් විසින් මගෙ x ray හැමදාම ගත්තා. මට පසුව හැගී ගියේ මාගේ X ray බලා ඔහු ඒ බව ඇසු බවයි. 01/05 උදේ මගේ b’lood එකක් ගත්තා. එ වෙලාවේ මම පොඩ්ඩක් ඇග තදකර ගෙන හිටියේ. එක පාරටම මට හුස්ම ගන්න බැරි උනා. එක තමයි මට මේ රෝගයේ ගැන මට දුන්න මුල්ම sign එක. විනාඩි 20ක් විතර මම හුස්ම ගන්න සටන්කරා. උදේ 9 ට විතර bathroom ගියා. අර කලින් දවසේ ඩොක්ටර් ඇවිත් අහපු ඔක්කොම රෝග ලක්ෂණ මට තේරෙනවා දැන්.

02/05 මට තදින් advise කරා ඇදෙන් බහින්න එපා කියලා . අවසානයේ මා ඇදෙන් බහින්න හැකි උනේ දින 8 කට පසුවය.
එදා දවල් Dr ඇවිත් කිව්වා Special d’rug එකක් තියෙනවා ඒක ලොකු මිලක් වෙනවා කියලා. ගාන ප්‍රශ්නයක්ද කියලා . මම කිව්වා හොදවෙයිනම් දෙන්න කියලා. එදාම කිව්වා අද අපි ඔයාව ICU මාරු කරනවා හැබැයි Asiri central එකේ ICU full. එම නිසා Asiri surgical transfer කරනවා කියලා.කෙසේ හෝ මාව Asiri surgical මාරු කරෙ නෑ. Hospital එකෙන් වෙනමම Room එකක ICU එකක් එයාලා මා වෙනුවෙන් නිර්මාණය කරා. It’s isolated room. Low pressure. ඒක හදලා තියෙන්නෙ පැපොල වගේ ලෙඩ්ඩු දාන්න.එහෙම වෙච්චි නිසා තක්ශිලාටත් මගේ ලග ඉන්න පුලුවන් උනා.

02/05 ඉදන් 08/05 වෙනකම් මම හිටියේ ICU . 03/05 උදේ ඩොක්ටර් ඇවිත් කිව්වා අර drug එක not available කියලා. මගේ බලාපොරොත්තු සුන්වෙනවා වාගේ දැනුනා.මම තක්ශිලාට කිව්වා මගෙ School එකේ මිතුරන්ට කතාකරලා බෙහෙත් එක ගැන කියන්න කියලා. එයාලා ගොඩාක් මහන්සි වී එලිවෙනකම් එයාලා ඒක හෙව්වා.  03/05 වන දිම රාත්‍රී මා හට ගොඩක් අමාරු උනා. මා හට ම’රණ මංචකයේ සිටිනා කෙනෙක්ට ලැබෙනා සියලුම අත්දැකීම් ලැබුනා.. මා හට තෙරුනා මා දැන් වෙන තැනකට යන්න ලැස්තිවෙනවා කියලා .. තක්ශිලා මා ලගින්ම ඉදගෙන මා මාහට මා මාගේ ජීවිතයේ කර ඇති සියලුම පිංකම් එකින් එක මතක් කරන්න පටන් ගත්තා.. මට ලොකු සැනසීමක් ලැබුනා. මට මගේ මනස ලොකු හිස් බවක් දැනුනා. මට ඒ මොහොතේ මා කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන කල්පනා උනේ නෑ. මම බොහොම සැහැල්ලු හිස් මනසකින් හිටියේ . මා තවමත් කල්පනා කරන්නේ ඒ වගේ ඒ ම’රණ මංචකයේදී මා හට එවැනි හිස් මනසක් ඇතිවියේ කෙසේද කියායි.. මා ඉතාමත් සැහැල්ලු මනසකින් හිටියේ. සමහර වේලාවට මා මාගේ ජීවිතයේ කර ඇති පිං නිසා විය හැක.

04/05 උදේ Message එකක් ආවා බෙහෙත්  එක හොයාගන්න පුලුවන් වෙයි කියලා.මාහට ලබාදීමට අවශ්‍ය කරේ 600mg.නමුත් තිබුනේ 400mg. ඩොක්ටර්  කිව්වා තියෙන ප්‍රමානයක් ගේන්න දීලා බලමු කියලා .වාසනාවට මට එ දීපු 400mg ඇති උනා.එතකොට මට oxygen දුන්නේ 80%. C – Pap කියන මැශින් එකෙන්. C- Pap එක දාගෙන පැය දෙකක් ඉන්න බෑ.ඒක ඒ තරම් අමාරුයි . නමුත් මම එක දිගට පැය 7-8 දාගෙන හිටියා. මම ඒක ගැලෙව්වෙ විනාඩි 7-10 විතරයි. ඒ soup and water බොන්න විතරයි. එය මා එක දිගට දින 4ක් දාගෙන හිටියා.මොකද් මම දැනගෙන හිටියා ඊලග Option එක මාව සිහිය නැතිකරලා oxygen ventilator machine දාන එක කියලා . ඒකට දාන 90% ජී’විතය බේර ගන්න අමාරුයි.

දෙවියන්ගේ පිහිටෙන් මගේ පෙනහලු වලට oxygen අවශෝෂණය කරගන්න පටන් ගත්තා . ICU ඉන්න ටිකේ නොවිදිනා දුක් වින්දා.මගේ අත්වල කටු ගහන්න තැන් නෑ. Every morning and evening normal රු ධිර පරීක්ෂණය .ඉට අමතරව specialරු ධිර පරීක්ෂණ තියෙනවා. එකට කියන්නෙ a’rtety b’lood test කියලා. එක ගන්නෙ අපේ අතේ ධමනි අල්ලලා. එක ගන්න්කොට පුදුම වේදනාවක් තියෙන්නෙ . Direct b’lood from heart.ඒකෙන් තමයි Actual oxygen levels on the b’lood and carbondioxide level,Metabolic immalance දැනගන්න පුලුවන්.එක ගන්නේ ඩොක්ටර් කෙනෙක් විතරයි . සමහර ඩොක්ටර්ලා එක පාරින් ගන්නවා. සමහර අය දෙතුන් පාර ට්‍ර්‍යි කරනවා.එකට එයාලාට මුකුත් කියන්න බෑ. මොකද ඒක පෙන්නෙ නැතිනිසා සහ ඒයාලා hand gloves 3 ක් විතර දාලා ඉන්නේ. එතකොට එයාලාට ඒක හරියට දැනෙන්නේ නෑ. එක දවසකට 3-4 පාරක් ගන්නවා.ඒක කියන්න බැරි තරම් වේදනාකාරී.

හැමදාම උදේට , රෑට බඩට injection ගහනවා. ඇගේ රු ධිරය  කැටි ගැහෙන එක නවතින්න.තක්ශිලා නැත්නම් මම අද මෙතන නෑ. මොකද මට හුස්ම ගන්න බැරි උන ගමන් එයා කැගහලා ඩොක්ටර්ලාට කතාකරනවා. ඒක තමයි වෙස්වලාගෙන ආ මාහට දෙවියන්නේගේ ආශිර්වාදය. තක්ශිලාට මං ලග ඉන්න පුලුවන් වීම.පොඩ්ඩක් හරි ඇග හෙල්ලුවොත් හුස්ම ගන්න බැරි වෙනවා.. ඒක සාමාන්‍ය තත්වයට පත්වන්න විනාඩි 20 විතර යනවා.. එය ම රනය අබියස කරන ස’ටනක්. මෙය එක දිනකට කීප වතාවක්ම සිදුවෙනවා .මම සුවවී ගෙදර ආවට මට තම හරියට කතා කරන්න බෑ. අඩි 10ක් ඇවිදින්න බැ.තව මාසයක් විතර යාවි සුව වෙන්න.

මම දෙවියන්ට සහා දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට පිං දෙනවා මාගේ ජීවිතය බේරා දුන්නාට…කෝවිඩ් නිව්මෝනියා ‍තත්වයට පත්වුවහොත් ඔබගේ ජීවිතය බේරා ගැනිමට ඔබට ඉමහත් වෙහෙසක් දරන්න වෙනවා..!!

මාහට මේ රොගය වැලදුනු නිසා ජීවිතයේ සත්‍ය / අනිච්‍ය කියන දේ හොදින්ම වැටහුණි. අපිට කොයි මොහොතේ හෝ ජී’විතය දාලා යන්න වේවිද දන්නේ නැ. එම නිසා නොපමාව පිං රැස් කර ගන්න..සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න

Covid මා’රාන්තිකයි …!

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button