custom_html_banner1
දේශීය පුවත්

දැඩිසත්කාරයේ කොරෝනා රෝගීන් ගණන 28 දක්වා ඉහළ යයි

custom_html_banner1
Spread the love

කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ප්‍රමාණය 80 ක් දක්වා වැඩිකර ඇති බවත්, එම මධ්‍යස්ථාන 80 තුළ ඇඳන් 11,766 ක් තිබෙන බවත් හේමන්ත හේරත් මහතා පවසයි.

දැනට ඇඳන් 6747 ක රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව පෙන්වා දෙන හේරත් මහතා පවසන්නේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සිටින බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button