තරු හුට පටවිශේෂාංග

රටේම ආදරය දිනාගත් ජනප්‍රිය සුන්දර නිලිය, පූජා උමාශංකර්

පූජා ගෞතමී උමාංශංකර් මේ වනවිට ලංකාවේම රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලයි ඉන්නේ. ඇය ඉන්දු,ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක්, ඒ වගේම ඇය දෙමළ,සිංහල,තෙලිගු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිලියක්. ” නාන් කඩවුල්” කියන දමිල චිත්‍රපටය හරහා ඇය ලෝකයේම ජනප්‍රිය තරුවක් බවට පත්වුනා.

ඒ වගේම ලංකාවේ සිංහල සිනමාව තුල අංජලීකා,ආසයි මං පියාඹන්න,සුවඳ දැණුනා ජීවිතේ, කුස පබා,පත්තිනි,සරිගම වැනි චිත්‍රපට තුලින් ඇය ලංකික රසිකයින්ගේ ආදරය දිනාගන්නට සමත් වෙනවා. ඊට අමතරව ඇය තවත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ වගේම ඇය පිළිබඳව බොහෝ දෙනා කියන්නේ පූජා කියන්නේ සුන්දර හදවතක් තියන ඉතාම නිහතමානී චරිතයක් කියලා. ජනප්‍රියත්වය ඔලුවට අරගෙන ඉන්න ගොඩක් නිලියන් අතරේ ඇය රටටම ලොකු ආදර්ශයක් දෙන කෙනෙක්. ඒ නිසා ලොකු කුඩා හැමකෙනෙක්ම ඇයට ගොඩක් ආදරේ කරනවා.

ඉන්දියානු සම්බවයක් සහිත කෙනෙක් වුනත් ඇය උපත ලබන්නේ ලංකාවේ. ඉන් පස්සේ කුඩා කාලයේදීම ඇය ඉන්දියාවට යනවා. චිත්‍රපට වලට අමතරව ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසකත් ඇය දැකබලාගන්න පුලුවන්. නමුත් ටෙලිනාට්‍ය තුලනම් ඇයව දැකබලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි නර්තන ශිල්පිනියක් ලෙසද ඇය කටයුතු කරනවා. විවිධ රියල්ටි තරග වලත් තරඟ විනිශ්චය වරියක ලෙසද කටයුතු කරනවා. ඒ විදියට හැමදෙනාම ආදරේ කරන රංගනයෙන් මුළු රටේම ආදරය දිනාගත් පුජා උමෂන්කර්ගේ සුන්දර ජායාරූප එකතුවක් තමයි මේ.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

 

 

20

 

21

 

22

 

23

 

24

 

25

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button