custom_html_banner1
දේශීය පුවත්

සිසුන් 70ක් පච්ච කොටාගෙන පාසල් ඇවිත් ගුරුවරුන් දඬුවම් දීලා – අම්මලා මානව හිමිකම් කොමිසමේ

custom_html_banner1
Spread the love

සිරුරේ පච්ච කොටා ඇතැයි කියමින් යාපනයේ පාසලක සිසුන් හැත්තෑ දෙනකුට දඬුවම් කළැයි කියන ගුරුවරුන් පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ලැබී ඇත.

යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 11 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසකගේ දෙමාපියන් යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ ඉකුත් 11 වැනිදාය.

මෙකී පැමිණිල්ලට අදාළව කඩිනම් විමර්ශනයක් කර කරුණු ඉදිරිපත් කරන ලෙසට මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිත නියෝගයක්ද කර තිබේ.

උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයාටද මේ ගැන පැමිණිලි කර ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button