custom_html_banner1
දේශීය පුවත්

කථානායක කොරෝනා එන්නත ලබා ගනී – දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් යුද හමුදා රෝහලට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

custom_html_banner1
Spread the love

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා යුද හමුදා රෝහලට ගොස් අද පෙරවරුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ තමන් යුද හමුදා රෝහලේදී මෙම එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ.

පෙරවරු 8ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත්කරණ කටයුතු ආරම්භ කළ අතර අද පෙරවරුවේදී රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, වීරසුමන වීරසිංහ, ගුණතිලක රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි, රංජිත් බණ්ඩාර සහ කුමාර වෙල්ගම මෙලෙස එන්නත ලබාගෙන තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රෝහිණී කවිරත්න සහ රෝහණ දිසානායක එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button