ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සින්දුව ෂූට් කරපු හැම පාරකම ක්ලාන්තය දැම්මා – පසුතැවෙන්න තරම් දේවල් මට සිද්ධවෙලා නැහැ

ඇය මේ දිනවල පුංචි තිරයේ අහස් මාලිගා ටෙලිනාට්‍යයෙන් වගේම හදවිල අරණ ටෙලිනාට්‍යයේ නදී ලෙසින්ද ඔබ හමුවට එනවා. ඒ විතරක් නොවේ රිදී තිරයේ උතුරු සුළඟ සිනමා නිර්මාණයේ චූටි මැණිකේ ලෙසින් ද ඇය ඔබව ආමන්ත‍්‍රණය කරනවා. මේ නිසා මේ දිනවල ඔබ ඇයගේ නැවුම් තතු විමසනවා ඇති. ඒ නිසාම අපි කාවින්iා දුල්ෂානිට කතාකළා. මේ ඇය අපත් සමග කළ කතාබහේ පෙළගැස්මයි.

* උතුරු සුළෙග් චූටි මැණිකේට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

මංගල දර්ශනයෙන් පසුව හොඳ ප‍්‍රතිචාර ලැබුණා. මම චරිතය හොඳට කරලා තියෙනවා කියලත් කිව්වා.

* අධ්‍යක්‍ෂවරයා ඒ ගැන මොනවද කිව්වේ?

ඇත්තටම අධ්‍යක්‍ෂවරයා ගේ උදව්වෙන් තමයි චූටි මැණිකේගේ චරිතය මේ තරම් දුරට සාර්ථක වුණේ. ඔහුගේ හිතේ තිබුණ චූටි මැණිකේ තිරයෙන් දුටුවා කියලා අධ්‍යක්‍ෂවරයා මට කිහිපවතාවක්ම පැවසුවා.

* රූගත කිරීම්වලදී සිදුවුණ අමතක නොවන සිදුවීම් මොනවාද?

මට තිබුණ ගීතයේ රූගත කිරීම්වලට ට‍්‍රැක්ටරය වටේ යනකොට මමත් ඒ වටේට කැරකෙන්න. ඒ අවස්ථාවේදී ගොඩක් අව්ව තිබුණ. මට ඒ දර්ශනය කරන්න ගිහිල්ල කැරකිල්ල එහෙමත් හැදුණා. දර්ශනය රූගත කරන්න හදන හැම වාරයකදීම මට ක්ලාන්තය හැදුණ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. සින්දුව ෂූට්කරන කරන වතාවක් ක්ලාන්තය දැම්මා.

* කාවින්ද්‍යාව හදවිල අරණ ටෙලිනාට්‍යයෙන්ද දකින්න ලැබෙනවා.

ඔව් හදවිල අරණ ලක්‍ෂ්මන් පුෂ්පකුමාර ගේ අධ්‍යක්‍ෂණයක්. මම මුලින්ම ප‍්‍රධාන චරිතයක් රඟපාන්නෙත් ලක්‍ෂ්මන් පුෂ්පකුමාර සර් අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නාට්‍යයක. සර් එක්ක කරන තුන්වැනි ටෙලිනාට්‍ය තමයි හදවිල අරණ. හදවිල අරණේ හදිනිටත් ලොකු ප‍්‍රතිචාර තියෙනවා.

* නදී ගැන කට්ටිය මොකද කියන්නේ?

නදී පව් නදී හරි අහිංසකයි. පාඩුවේ ඉන්න චරිතයක් කියලා කට්ටිය කියනවා.

* කාවින්ද්‍යා නදී වගේමද?

නැහැ. මම එච්චර අහිංසක නැහැ. ඒ වගේම නදී වගේ හැම දේකටම ඔළුව පාත් කරගෙන ඉන්නේ නැහැ. කාවින්iා නදී වගේ එච්චරටම ඉවසන චරිතයකුත් නෙමෙයි. කාවින්iා කාවින්iාට ඕනෑ දේ දෙමාපියන්ගේ අවසරය ඇතිව කරන චරිතයක්.

* කාවින්ද්‍යා හීන දැක්කේ කවුරු වෙන්නද?

පුංචි කාලේ ඉඳලා මට එක හීනයක් තිබුණේ නැහැ. මම ලොකු වෙනකොට මගේ හීන මාරු වුණා. මගේ අම්මාට ආසාවක් තිබුණා මාව නීතිඥවරියක් කරවන්න. අම්මා දැකපු ඒ හීනයට ආසාවෙලා මම ඒ පැත්තෙන් ඉගෙනගත්තා. කොහොමහරි මම අන්තිමට අම්මාගේ සිහිනයත් අතහැරලා නිළියක් වුණා.

* රඟපෑමට ඒම ගැන මොකද හිතන්නේ?

මට ලැබෙන ජනපි‍්‍රයත්වය ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. කෙටි කාලයක් ඇතුළත වැඩ ගොඩක් කරන්න වගේම හොඳ මිනිස්සු රැුසක් ආශ‍්‍රය කරන්න මට අවස්ථාව උදාවුණා. මිනිස්සුන් ගේ ආදරය දිනාගන්න හැකියාව ලැබුණා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

* ඔබ ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්?

ඇත්තටම ගොඩක් සතුටුයි.

* පසුතැවීම් එහෙම තියෙනවාද?

නැහැ. එහෙම පසුතැවීම් නැහැ. පසුතැවෙන්න දෙයක් මගේ ජීවිතයේ සිද්ධවෙලා නැහැ.

* කාවින්ද්‍යා රඟපෑමට එන්න ලැබුණේ කොහොමද?

2015 අවුරුද්දේ අයිටීඑන් එකේ අවුරුදු කුමරියට සහභාගි වෙනවා. අවසන් තරගකරුවන් දොළොස් දෙනාට මම තේරෙනවා. ඊට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්‍ෂණය කළ මේඝා ටෙලි නාට්‍යයට අවසන් දොළොස්දෙනාට සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණ. ඊට පස්සේ ඒ තිර පරීක්‍ෂණයෙන් තේරෙන්නේ මාව. එහෙම තමයි මට අවස්ථාව ලැබුණේ.

* මේ නිර්මාණ දෙක විතරද මේ දවස්වල කරන්නේ?

හිරු නාලිකාවේ අහස් මාලිගා ටෙලිනාට්‍ය විකාශනය වෙනවා. ඒ වගේම මම හිරු නාලිකාවේ සංගීත වැඩසටහනක නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වැඩවලින් තමයි දකින්න ලැබෙන්නේ.

* කොහොමද නිවේදනයට ලැබෙන ප‍්‍රතිචාරය?

නිවේදනයටත් මට ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මම රංගනයට වගේම නිවේදනයටත් ගොඩක් ආසයි. ඒක නිසයි මම නිවේදනයට ගොඩක් කැමැති. ඉදිරියේදීත් නිවේදනයෙන් ඈත්වෙන්නේ නැහැ.

* කාවින්ද්‍යා  අලූත් ආරාධනා නැද්ද?

ඇත්තටම උතුරු සුළඟ සිනමා දර්ශනයේ මංගල දැක්මෙන් පසුව දැනටමත් මට ආරාධනා ලැබෙනවා. ඉතින් මට ගැළපෙන මගෙත් පොඩි පොඩි සීමා මායිම් තියෙන නිසා ඒවා සලකාබලා තමයි මම ඉදිරියේදී නිර්මාණයක් භාරගන්නේ.

දිනේෂ් විතාන

01

02

03

04

05

06

07

08

09

10

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button