දේශීය පුවත්ප්‍රධාන පුවත්

සේරුවිල මංගල රජමහා විහාරයේ දායක සභාවේ 43 ක්ම මුස්ලිම් ජාතිකයන් – හැඬිගල්ලේ විමලසාර හිමි

ඉන්දියාවේදී අපවත් වූ මුහේන්නේ මෙත්තාරාම නාහිමියන් විහාරාධිපතිත්වය දැරූ ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ සම්පූර්ණ දායක සභාව මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත බවට තොරතුරු හෙළිදරව් වී තිබෙන බව ජාතික හෙළ උරුමයේ සභාපති ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත හෙළිදරව් කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන මංගල රජ මහා විහාරයේ දායක සභාව ලෙස බෞද්ධ ආගමික කටයුතු දෙපාර්තුමේන්තුව ලියා පදිංචි වී සිටින්නේ මුස්ලිම් ජාතිකයන් 43 දෙනෙකු බවටද රාවයක් පවතින බවද උන්වහන්සේ අවධාරණය කරයි.

එම දායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අබ්දුල්හිරාසික් ලෙබ්බේ නම් අ න්ත වාදී මවුලවිවරයා බවටද කරුණු හෙළිදරව් වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

අපවත් වී වදාළ නායක හිමියන්ගෙන් පුරප්පාඩු වන විහාරාධිපති ධුරය සඳහා මෙම මුස්ලිම් කණ්ඩායමට හිතවත්ව වැඩ කරන හිමි නමක් විහාරාධිපති කරවා එහි පාලනය මේ මුස්ලිම් දායක සභාව විසින් දිගටම කරගෙන යන බවටද තොරතුරු වාර්තා වේ.

මෙම මුස්ලිම් අ න්ත වාදී මවුලවිවරයා සේරුවිල මංගල රජමහ විහාරය සතු වූ අක්කර 40 ක ඉඩමක් භුක්තිවිඳින අතර සිංහල බෞද්ධ පවුල් 40 කට එරෙහිව මුතුර් උසාවියේ නඩුවක්ද පවරා තිබේ.

මෙම ඓතිහාසික විහාරස්ථානය කොටපොල අමරකීර්ති හිමියන් යටතේ තිබූ විහාරස්ථානයක් බවද දැනගන්නට තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button