ගොසිප් පුවත්තරු හුට පට

මම බැඳලා ළමයි හදලා විතරක් නිකන් ඉන්නේ නෑ, ඊට වඩා ලොකු දෙයක් කරනවා – යුරේනි

යුරේනි නොෂිකා කියලා කියන්නේ ලංකාවේ කළා ක්ෂේත්‍රය ඇතුලේ කාලෙන් කාලෙට විවිධ කතා පුවත් මවන ජනප්‍රිය චරිතයක්. බොහෝ වෙලාවල් වලට ඇය පිළිබඳව ගොඩක්ම කතා පුවත් මැවෙන්නේ ඇයගේ විවිධ වූ ඇඳුම් විලාසිතාවන් නිසා. ඇයගේ සමහර විලාසිතා චයරුප යොදාගෙන සමාජ මාධ්‍ය වල පිරිස් විවිද කතා කියනවා.

නමුත් යුරේනි නම් කියන්නේ ඒ කිසිම දෙයක් ඇය ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් මෙතැන් සිට අපි කතාබහ කරමු යුරේනි නොෂිකා ගැන. රංගන ශිල්පිනියක්, ගායිකාවක් එසේම නිවේදිකාවක් විදියටත් ලංකාවේ රසිකයින් අතරට එන යුරේනි ගැන මේ දවස්වලත් එක්තර චායාරූපයක් සමාජ මාධ්‍ය වල පලවෙනවා.

ඒ වගේම ඇය මේ දවස්වල අලුත් වැඩක් සුදානමින් ඉන්නවා කියලත දැනගන්න ලැබෙනවා. ඇය කියන විදියට රංගනය කරන්නේ වෘත්තියක් විදියටලු. රංගනයට වඩා නිවේදනය තමයි ඇය කරන්නේ. ඒ වගේම යුරේනිට නිර්මාණ වලට ගොඩක් ආරාධනා ලැබෙන්නෙත් නැහැලු. එයට හේතුව විදියට ඇය කියන්නේ නිර්මාණයක් සඳහා ඇය අය කරන ගණන් වැඩි නිසා වෙන්න ඇති කියලා.

ඒ වගේම ගොඩක් නිර්මාණ වලට ආදරධනා ලැබෙනවට වඩා අඩුවෙන් ලැබෙනවට ඇය කොහොමත් කැමතිලු.මොකද ඕනෑවට වඩා ජනතාව අතර හැමවෙලාවකම පෙනී සිටියම අගයක් නැති වෙනවා කියලයි ඇය කියන්නේ. කලාතුරකින් නිර්මාණයක් කලත් ම්නිසුන්ට මතකයේ තියන දෙයක් කරන්න ඕනේ කියලා තමයි යුරේනිගේ අදහස, ජනප්‍රිය නොවෙන නිර්මාණ දහස් ගණනක් කරනවට වඩා හැමදාම මතකයේ රැඳෙන ජනප්‍රිය වෙන එක නිර්මාණයක් හරි කරන එක තමයි වැදගත් වෙන්නේ කියලයි ඇය කියන්නේ.

ඊට අමතර ඇය වෙළඳ දැන්වීම් වලත් මාකටින්, සෝෂල් මීඩියාවලින් කම්පැනිවලට දෙන ප්‍රමෝෂන් වගේ දේවල් වලටත් දායකත්වය සපයනවා.

ඒ වගේම ඇය දැන් යම් තැනක ඉන්නවනම් ඒ හැමදෙයක්ම ලැබුනේ මේ රංගනය නිසා කියලයි කියන්නේ. කාටත් බරක් නොවී දෙපයින් නැගිටලා ඉන්න එක ගැන ඇය සතුටු වෙනවාලු.

යුරේනි කියන විදියට අනාගතය ගැන නම් ලොකු බලාපොරොත්තු නැහැලු. සමහර ඇය විවහා වෙලා ළමයි හම්බවෙනවා එතනින් ඒ ජිවිතේ එච්චරයි “මම නම් බැඳලා ළමයි හදන්න විතරක්ම ජිවත් වෙන්නේ නැහැ . මට ඊට වඩා ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා”. මේ මිනිස්සු වෙනුවෙන් යම් දවසක් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි යුරේනි නොෂිකා අදහස් දක්වන්නේ.

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button