දේශීය පුවත්ප්‍රධාන පුවත්

බාර් වහන්න කිව්වමත් සමහර අයට රිදිලා – වෛද්‍ය නවීන් ද සොයිසා

මෙතරම් බරපතල ලෙස කොරෝනා වසංගතය පැතිර ගොස් රට තීරණාත්මක තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඇතැම් ජනමාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

සාමාන්‍ය ජනතාවගේ සංචරණය හැකිතරම් සීමා කිරීම සඳහා ම’ ත්පැ න් හල් වසා දමන්නැයි යෝජනා කළ විට ඉන් ඇතැම් මාධ්‍ය ආයතනවලට රිදී ඇති බවත් බාර් වසන්නැයි කිවූ පමණින් ඔවුන්ට කතුවැකි ලියා ගැනීමට නොහැකි වී ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මාධ්‍ය හරහා ‍සෞඛ්‍ය සේවකයන් නිග්‍රහයට පත් කිරීමට, ඒ හරහා ඔවුන්ගේ ආර්ථික අරමුණු ඉෂ්ට කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි නවීන් ද සොයිසා මහතා පවසන්නේ.

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මාධ්‍ය ආයතනවල සහ ඇතැම් මාධ්‍යවේදීන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සියලු තොරතුරු එක්රැස් කරගෙන ඇති බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් අනාගතයේදී ප්‍රදර්ශනයක් මගින් සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

වසංගත තත්වය වර්ධනය කරගෙන, රෝගීන් වැඩි කරගෙන තෘප්තිය ලබන මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විස්තරාත්මක හෙලිදරව්වක් ඉදිරියේදී සිදු කරන බවද ඔහු පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button