දේශීය පුවත්

බස්නාහිර පළාතෙන් පසු කොවිඩ් එන්නත් ලබා දෙන දිස්ත්‍රික්ක මෙන්න

බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ කටයුතු අවසන් වීමෙන් පසු මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එන්නත් මෙරටට ලැබෙන ආකාරය අනුව අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවටත් එන්නත් ලබා දීම සිදු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

තව ද ඇය ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ලක්ෂ 11ක පුද්ගලයින් සංඛ්‍යාවකට එන්නත් ලබා දී ඇති බව ය.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button