ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

එයා ආපු පාර ලස්සන නෑ ඒ පාරේ ආපු එයාව ඔයාලා වගේ බුකී වීරයන්ට හිත රිද්දලා වට්ටන්න බෑ – සජී මොහොට්ටිගේ පරණ පොටෝ අවුස්සන අයට කනේ පහරක්

මොකුත් නොලියා දවසක සජීට එයාගෙම කතාව ලියන්න දෙනවා කියලා හිතුවට මම හිතනවා මම මේ වෙලාවේ මේ ලියන දේ කියවලා ඔයාට ලස්සන මතක එක්ක මූණට හිනාවක් ඒවි කියලා. අපි දෙන්නා එක ස්කෝලෙවත් එක දහම් පාසලේවත් නෙවී. අපේ අත්තම්මා පෝයට සිල් සමාදන් වුනේ සජීගේ ගමේ පන්සලේ. මමයි අයියයි දානේ කන්න උදෙන් අවදි වෙලා පැනගෙන යනවා අත්තම්මත් එක්ක.

උදේ දානේ ඉවර වෙලා පැයක් දෙකක් අත්තම්මා ලගට වෙලා ඉන්න වෙන එක නීතියක්.  ඊට පස්සේ තමයි සජීගෙයි මගෙයි යාලුකම් හැමදාම පටන් ගන්නේ.  උඩ මලුවට ගිහින් බෝධිය ලග අපි සක්මන් භාවනා කරනවා ( අපි හොද ලමයිනේ ) හැබැයි ඉතිං කවුරුහරි එනවනම් තමයි.

අපි ඉතිං පුංචි කතන්දර ගොඩක් ඒ අස්සේ. වැටුන බෝ කොළ ඇහිදිනවා පහන් වැඩවල් වල පහන් පත්තු කරනවා පුංචි පුංචි සෙල්ලම් කරනවා. ආයේ දවල් දානෙට අත්තම්මා ලගට යනවා. ඊට පස්සේ පුරුදු විදිහට සෙල්ලම් කරලා හවසට පන්සලට නෙළුම් මල් පුරවපු ට්‍රැක්ටරයක් එනවා ඔය ඔක්කොම හැන්දෑවේ පූජාවට ලමයි හැමෝම එකතු වෙලා පුපුදුවනවා.

සජී මට කියලා දෙනවා ඒවා රෝසමල් වගේ පුබුදුවන්නේ කෝමද කියලා. මතක විදිහට නෙලුම් මල් පුබුදවන්න එක්කරන් ගියෙත් සජී.. අපේ අත්තම්මා සජීට කතා කරන්නේ අර අහිංසක දරුවා කියලා. මාව සජී ලගට යවන්නෙත් ඒ දරුවට වද දෙන්න එපා කියලා.
ආයේ ටිකක් තේරෙන කාලෙදි හය වසරෙදි වගේ අත්තම්මා එක්ක පන්සල් යනවා. අපි ආයෙම ගොඩ කාලෙකට පස්සේ එදා හම්බෙනවා. එකින් එකට හැමදේම කියන්න බැරි වුනත් ලේසියට කෙල්ලෙක්ට හොදයි කියන්නේ නැති මම.

සජී මාර හොදයි අම්මේ කියලා එදා ඉදන් කියන්න ගන්නවා. ඊට පස්සේ අපි ආයේ හමු වුනේ නෑ.ආයෙම හමුවුනේ A/l වලට clz යද්දි බස් එකේදි සජීට මාව මතක මගේ නමින් නෙවී අපේ ආත්තම්මා මට කතා කරපු විදිහට ” පිනි ” හිතන්න පුලුවන්ද සජී හුරතලේට පිනි කියද්දි කොච්චර ලස්සනද කියලා. එයා පොඩි කාලේ ඉදන්ම බෝනික්කෙක් වගේ ලමයෙක් පුංචි සුරංගනාවියක් වගේ හිත හොද ලස්සන ළමයෙක්.

කවදාවත් සජී මෙහෙමයි අරමයි කියලා නරක දෙයක් මිනිස්සු කියනවා ඇහිලා නෑ. ඉතිං අපි බස් එකේදි හමු වුනා. සජී: හානේ පිනි ගොඩ කාලෙකින්. මම: අවුරුදු බර ගානකින් නේ.මොනාද දැන් කරන්නේ. සජී : මම මීඩියා කරනවා. මම: අහ් ( මීඩියා කරලා මොනාද කරන්න පුලුවන් වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවට ආවත් එයා ආස දේනේ කියලා මගේ බෙලෙක් කට වහන් හිටියා ) ඊට පස්සේ ආයෙම හමු වුනේ A/L වලින් පස්සේ මම institute එතකොට සජී තව ලස්සන වෙලා තිබ්බා. වෙනදා වගේම හිනා වෙලා පිනි කිව්වා

එයා ඒ වෙද්දිත් රේඩියෝ චැනල් එකක වැඩ. මට හරි සතුටු හිතුනා. ගෙදර ගිහින් අත්තම්මට කිව්වම එයාටත් හරි සතුටු හිනාවක් ගියා
ඊට පස්සේ සජීව දකින්නේ පේජ් එකක දාපු tik tok video එකකින්. මම හොදට බලනවා ඒ සජී තමයි මම fb account එක හොයන් ගිහින් request එකක් දානවා. සජී මාව මතකද නෑනේ (ඔව් ඉතිං දාපු ෆොටෝ වල හැටියටයි කෙට්ටු වෙලා තිබ්බ හැටියටයි මතක තියේවිය) මම ඉතිං අපේ පරණ කතා කියනවා

“අනේ මේ පිනි නේද. මට නම මතක නෑනේ බං පිනි කියලනේ කිව්වේ” ආයේ යාලුකම අලුත් වුනා. දවස ගානේ සජී එයාගේ ආසාව ඉලක්කය කරගෙන හොද ළමයෙක් වගේම හොද තැනකට ආවා. මේ කතාව මම මෙච්චර ලස්සනට ලිව්වට හිතනවද ඒ ජීවිතේට ආපු අභියෝග හරි ලස්සනයි කියලා. පුංචි ගමක කෙල්ලෙක් හැමෝම රැල්ලට මැත්ස් බයෝ කරන්න ඕන කියලා හිතන කාලෙක මීඩියා කරලා පුංචි නිවේදිකාවක් වෙන හීනේට යන්න ලේසි වෙන්න ඇති කියලා. හිතන්න පුලුවන්ද තනියම මේ තැනට එන්න කොච්චර හිත හයිය වෙන්න ඕනද කියලා.

2mp වගේ කැමරාවකින් ගතපු පින්තූර අල්ලන් දගලන මිනිස්සුන්ට කවදාවත් තව කෙනෙක්ට හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න පුලුවන් දෙයක් නෑ. එයා ආපු පාර ලස්සන නෑ ඒ පාරේ ආපු එයාව ඔයාලා වගේ බුකී වීරයන්ට හිත රිද්දලා වට්ටන්න බෑ. අපි කතාවක් අහලා තියනවා නේද?

” හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී ” කියලා. ඒ කතාව ඇත්ත කියලා දැක්කේ සජී නිසා පේනවද දැන් සජී වෙනුවෙන් ඉන්න මිනිස්සු. ඔයාලටත් ඒ වගේ ලස්සන වෙන්න ප්ලාස්ටික් සර්ජරි කරන්න ඕන නෑ. කුහක කම අඩු කරගන්න. ඒ ළමයගේ හිතේ කුහක කම් නෑ නපුරුකම් නෑ.හොද ඉවසීමක් තියනවා. ඔය පේන ලස්සන එයාගේ හදවතේ තියන උතුම් කම. Sajee Mohottige චූටි මැණිකේ ඔයා දිනුම් තව දිනන්න. මම සාමන්‍යයෙක් කෙල්ලෙක්ගේ පුංචි හරි වදරක් දකිනවනම් ලේසියෙන් හොදයි කියන කෙනෙක් නෙවී ඒක මාව දන්න අය දන්නවා.

මම සජීට ” හරිම හොදයි ” කියන්නේ එයා හොදම හොද නිසා. ඔයාගේ පිනි

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button