දේශීය පුවත්ප්‍රධාන පුවත්

බන්දුලගෙන් රු.5000ක සහන මල්ලක්

මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ

  1. සුදු නාඩු සහල් 10kg
  2. රතු කැකුළු සහල් 5kg
  3. පාන් පිටි 3kg 10.
  4. අල(දේශීය) 3kg
  5. රතු පරිප්පු 2kg
  6. සුදු සීනි කිලෝ 1kg
  7. දුඹුරු සීනි කිලෝ
  8. බීඵෑණූ 3 kg
  9. හාල්මැස්සන් 500 g
  10. නුඩ්ල්ස් 1 kg
  11. දෙවැනි බත පැකට් 1 යි (350 g)
  12. තේ කොළ 200 g
  13. මිරිස් කුඩු 200 g
  14. සෝයා මීට් 90g පැකට් 02
  15. ගම්මිරිස් 100g.
  16. ලුණු කැට 1 kg.
  17. ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).
  18. මාරි බිස්කට් පැකට් 1 යි (350g).
  19. මුහුණු ආවරණ 10 යි.
  20. විෂබීජ නාශක දියර 100ml

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button