දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගැබිනි කාන්තාවන් හා කිරිදෙන මවුවරුන්ට වහාම කොරෝනා එන්නත ලබා දෙන්න – විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියයි

මෙරට ගැබිනි කාන්තාවන් මෙන්ම කිරි දෙන මවුවරුන්ගේ ජීවිත දැනට පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරස් ප්‍රභේදයන්ගෙන් බේරා ගැනීමට නම් වහාම ඔවුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගත යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසනවා.

ගැබිනි කාන්තාවන්ට හා කිරි දෙන මවුවරුන්ට දැනට භාවිත කරන ඕනෑම කොරෝනා මර්දන එන්නතක් ලබා දීමට හැකියාව ඇති බවත් ජාතික අවශ්‍යතාවක් සේ සළකා ඔවුන්ට එම එන්නත් ලබා දීම ඇරඹීමට බලධාරීන් විසින් වහා කටයතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කර සිටිනවා.

කොරෝනා මර්දන එන්නත ලබා දීමෙන් කොරෝනා ආසාදනයට එම කාන්තාවන් ගොදුරු වුවද ඔවුන්ට බරපතළ සංකූලතා මතු වීම, අසාධ්‍ය තත්ත්වයට පත් වී රෝහල්ගත කිරීම හා මරණයට පත් වීම වැනි තත්ත්වයන්ගෙන් වළක්වා ගත හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා. ගැබිනි කාන්තාවන් හා කිරි දෙන මවුවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් තවමත් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඔහු පවසන්නේ . දැනට රජයේ රෝහල්වල කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Source – Hiru Gossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button