දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉදිරි සති දෙක තුළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස්

එළඹෙන සඳුදා එනම් මැයි මස 17 වනදා සිට මැයි මස 31 වනදා දක්වා සති 2කට ආසන්න කාල පරිච්ඡේදය තුළ හැඳුනුම්පතේ අංකවලට අදාළව පුද්ගලයින් බැහැරව යෑමේ ක්‍රමවේදය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් ඉදිරි දිනවල සිය දෛනික කටයුතු සැලසුම් කිරීමේදී ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව, හැඳුනුම්පතේ අංකවලට අදාළව එක් නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තමාගේ ළඟම පිහිටි වෙළෙඳසැළ වෙත පිවිසීමට අවස්ථාව පවතී.

ඊට එරෙහිව කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button