දේශීය පුවත්

වවුනියාවේ කැම්පස් පොකුරක් – නේවාසිකාගාර වල සිසුන් අඩකට කොවිඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විභාග වෙනුවෙන් පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් වෙත කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව පෙරේදා (12දා) සිසුන් 31 දෙනකු වෙත කොවිඩ් වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.

විශ්වවිද්‍යාලයේ පාලක සභාවද එම පුවත තහවුරු කළේය.

විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිසුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමේදී තවත් සිසුන් 31 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද විශ්වවිද්‍යාල පාලක සභාව පැවැසීය.

ශිෂ්‍ය නේවාසිකාගාරවල සිසුන් 60 දෙනකු රැඳී සිටින අතර, ඉන් අඩකට වයිරසය ආසාදනය වී ඇති බවද විශ්වවිද්‍යාල පාලක සභාව පැවැසීය.

මීට අමතරව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු, හෙද නිලධාරීන් දෙදෙනකු හා රෝහල් සාත්තු සේවකයකු වෙතද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණි.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button