දේශීය පුවත්ප්‍රධාන පුවත්

ශී‍්‍ර ලාංකික දරු දැරියන් 11000 ක් යුරෝපා රටවලට විකුණලා

ශී‍්‍ර ලාංකික දරු දැරියන් එකොළොස් දහසක් යුරෝපා රටවලට විකිණීමේ ජා’වාරමක් පිළිබඳව අනාවරණය වී ඇතැයි ජාතික පුවත් පතක් වාර්තා කර තිබෙනවා.

මේ ජාවාරම පිළිබඳව එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් සොයාගෙන ඇත.

මෙම දරුවන් ගැන පරීක්ෂණ කරන ලෙස එම කමිටුව ස්විස් රජයෙන් කළ ඉල්ලීමට එම රජය එකඟ වී ඇත.

මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී තිබේ.

ස්විට්සර්ලන්තය තුළ පමණක් ශී‍්‍ර ලාංකික දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් සිටින බව අනාවරණය වී ඇති අතර ඔවුන්ට හදා වඩාගෙන ඇති ස්විස් ජාතිකයන් ගැන ද පරීක්ෂණ කෙරේ.

Source – Newsi.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button