ක්‍රීඩා පුවත්

LPL තරගාවලියට දින නියම කරයි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ජූලි මස 30 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ජූලි 30 සිට අගෝස්තු 22 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

කෙසේ නමුත් මේ වනවිට කොවිඩ් ව’සංගතය රටපුරා පැතිර ගොස් තිබෙන බැවින් තරගාවලිය නියම කළ වකවානුවේදී පැවැත්වීමට හැකිවේද යන්න සැක සහිතය.

මෙම තරගාවලිය පසුගිය වසරේදී ආරම්භ වූ අතර එයද අවස්ථා කිහිපයකදී කල්දැමීමට සිදුවිය. කෙසේ නමුත් මංගල තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට සංවිධායකයන් සමත් වූ අතර ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් නියෝජනය කරන ක්‍රීඩකයන් ඊට එක්විය.

පළමු තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් තරග වැදුණු ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button