ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අපි බෝ’ම්බ පි’පිරෙද්දී බිත්තිවලට හේත්තු වෙලා බිම වාඩි වෙලා හිටියේ. දෙදරුම් දෙනවා අපිට පිටට දැනුණා – කඩවසම් වෛද්‍යවරයාගේ අමතක නොවන ජිවිත අත්දැකීම

පණ්ඩුල බස්නායක කියන මේ නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් මේ රූපය දකින කෙනෙකුට නම් ඔහු කවුද මොනවද කරන්නේ කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් ප්‍රසිද්ධ චරිතයක්. කොවිඩ් 19 වෙනුවෙන් නිර්මාණ වූ ගීතයකට සම්බන්ධ වූ පණ්ඩුල අංගම් පොර ප්‍රගුණ කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔහු ජාතික කායවර්ධන ශුරයෙක්. ඒ වගේම වෛද්‍යවරයෙක්. මේ හැම භූමිකවක්ම සාර්ථකව කරගෙන යන ඔහු ගැන තොරතුරුයි මේ.

පණ්ඩුල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ චරිතයක්. නමුත් ඔබේ පසුබිම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ ගැන මුලින්ම කතා කරමු..?

මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. ගම නුවර. මේ වෙද්දී වෛද්‍යවරයෙක් වශයෙන් ගම්පොල රෝහලේ සේවය කරනවා. ඊට අමතරම අංගම් පොර වගේම කායවර්ධන ක්‍රීඩාවේ නියැලෙනවා. මේ දේවල් නිසා තමයි මම සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වුනේ.

පුංචි කාලේ ඉදලා හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්නද එහෙම නැත්තම් දෙමාපියන්ගේ බලපෑමට වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තද..?

මම සාමාන්‍ය පෙළ විභාගය හොදින් සමත් වුනු නිසා උසස්පෙළට විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. උසස්පෙළ හොදින් සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරුණාට පස්සේ ඒ අංශයෙන් ඉගෙන ගන්න හිතුවා. ඇත්තම කිව්වොත් මම වෛද්‍යවරයෙක් වෙන එක මගේ දෙමාපියන්ගේ කැමැත්තට වුනු දෙයක්. මොකද මම ආසාවෙන් හිටියේ පුංචි කාලේ ඉදලා යුධ හමුදාවට බැදෙන්න, යුද්ධය තිබ්බ නිසා ඒකට දෙමාපියන්ගේ එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ. විරුද්ධ වුනා. ඒ නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙලා ඉගෙන ගත්තා.

කලාව, ක්‍රීඩාවට බොහෝ දුරට තිඹ්රිගෙය වෙන්නේ පාසල. ඔබ ක්‍රීඩාවට යොමු වෙන්නේ..?

පාසල් කාලේ අධ්‍යාපනයට විතරයි මම මුල් තැන දුන්නේ. කිසිම බාහිර ක්‍රියාකාරකමක් කළේ නැහැ. වෛද්‍ය පීඨයට ඇතුලත් වුනාට පස්සේ මම මාෂල් ආර්ට් කළා.

ජනප්‍රිය ක්‍රීඩා බොහොමයක් තියෙද්දී ඇයි කායවර්ධනයම තෝරා ගත්තේ..?

මාෂල් ආර්ට් ඉගෙන ගත්ත මාස්ටර් කොරියා ගියා. ඊට පස්සේ මට එය ප්‍රගුණ කරන්න බැරි වුනා. මම වෛද්‍යවරයෙක් හැටියට 2008 වර්ෂයේ මුලින්ම වෛද්‍යවරයෙක් හැටියට වව්නියාව රෝහලට අනියුක්ත වෙලා රාජකාරිය කළා. ඒත් එක්කම ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැරි වුනා. ඊට පස්සේ මට පොළොන්නරුව රෝහලේ සේවය කරන්න අවස්ථාව ලැබුනා. ඒ පැත්තේ බර ඉසිලීම් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා ජාතික මට්ටමින්. එහේ ක්ලබ් එකකට එකතු වෙලා මමත් ට්‍රේනින් වුනා. ඒ විදිහට තමයි කායවර්ධන සදහා සම්බන්ධ වුනේ. ඊට පස්සේ මට ගම්පොල රෝහල ලැබුනා සේවය කරන්න. නුවරට ආවට පස්සේ ඒකට වැඩිපුර යොමු වෙන්න අවස්ථාව ලැබුනා.

ශ්‍රී ලංකා ආධුනික කායවර්ධන ශුරතාවලියෙන් මම දෙවැනි තැන ගත්තා. ඒ 2011 වර්ෂයේ. මම මිස්ටර් ශ්‍රී ලංකා වුනා හතරවතාවක්. 2017 වර්ෂයේ ජාතික ශුරයා වුනා. 2013 mr kandy වුනා.2019 වර්ෂයේ ජාතික ශූරතාවලියේ අනුශුරතාව හිමි කරගත්තා. දැන් මම අංගම්පොර ප්‍රගුණ කරනවා සෙනෙවිරත්න ගුරුතුමා ලග. මගේ එකම බලාපොරොත්තුව දැන් ඒ පැත්තෙන් ඉගෙන ගෙන එය ප්‍රචලිත කරන්නයි.

බොහෝ ක්‍රීඩකයින් ජයග්‍රහණ හිමි අරගන්නේ තහනම් උත්තේජන භාවිතා කරලා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඔබටත් ශරීරයේ හයිය පෙන්නන්න තහනම් උත්තේජන භාවිතා කරනවද..?

මම වෛද්‍යවරයෙක් හැටියට ආදර්ශමත් වෙමින් ක්‍රීඩා කරන්න ඕන. ඒ ප්‍රතිපත්තියේ මම ඉන්නේ. ඒ නිසා මම කොහෙත්ම ඒවා භාවිතා කරන්නේ නැහැ.

යු’ද්දේ දරුණුවටම පැවතී කාලේ තමයි ඔබ වව්නියා රෝහලේ සේවය කළේ. යු’ද්ධයේ භ’යානක අත්දැකීම් ඔබට ඇති, කොහොමද ඒ ජිවිතේ..?

වව්නියාව කියන්නේ සම්පුර්ණයෙන්ම LTTE ය හිටපු පැත්තක්. වෛද්‍යවරයෙක් විදිහටවත් ඒ පැත්තේ සේවය කරන්න අමාරුයි. ඒ ජිවිතේ හරිම අමුතුයි මට අලුත් අත්දැකීමක් වුනා. නිතරම අපි ජිවත් වුනේ බ’යෙන්. කොයි වෙලේ කොහේ බෝ’ම්බයක් පු’පුරයිද දන්නේ නැහැ කියලා. මර’ණය අතේ තියාගෙන ජිවත් වුනු කාලයක් ඒක. අපි කදවුරු වල ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න යනවා. දවසක් වව්නියාව කෑම්ප් එකට බෝ’ම්බ ගැහුවා. දවසක්ම පිපුරුම් සද්ද අපිට ආවා. ඉ විතරක් නෙමෙයි. ඒ පි’පුරුම වෙන්න වෙලා විනාඩි පහකින් විතර තමයි මම රෝහලට ආවේ. ගේට්ටුව ලගට පි’රුණු ද්‍රව්‍ය විශාල කෑල්ලක් ඇවිත් මම හිටපු තැනට වැටුනා. අපි බෝ’ම්බ පි’පිරෙද්දී බිත්තිවලට හේත්තු වෙලා බිම වාඩි වෙලා හිටියේ. දෙදරුම් දෙනවා අපිට පිටට දැනුණා. පි’පිරිලා සැතපුම් ගාණක් ඈතින් තිබුණු රෝහලට තමයි ඒ විදිහට කෑලි විසිවෙලා ආවේ. ඇත්තටම ඒ අත්දැකීම් ජිවිතේට අමතක කරන්න බැරි වෙයි.

වෛද්‍යවරයෙක් විදිහට කාර්යබහුල ජිවිතයක් ගත කරන ඔබට අංගම්පොර හෝ කායවර්ධන ක්‍රීඩාවේ යෙදීම අපහසු නැද්ද, කොහොමද වේලාව හොයාගන්නේ..?

මම දවසට පැය අටක් ට්‍රේනින් වෙනවා තරග තියෙන කාලෙට. රෝහලේ රාජකාරිය කරලා ගෙදර ආ ගමන්ම මම පුහුණුවීම් වල නිරත වෙනවා. ඇතැම් දවසට මම පුහුණුවීම් ඉවර වෙද්දී පාන්දර දෙක තුන වෙනවා. සමහර දවස්වලට නිදාගන්නේ නැතුව ආයෙමත් රෝහලට යනවා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරනවා මේ හැමදේම මම හදා ගත්තේ. අපහසු වුනත් කොහොම හරි ම ගමන මම සතුටින් යනවා.

වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන ඔබට ඔබ තෝරාගෙන තියෙන ක්‍රීඩාවෙන් ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?

නැහැ. බොහෝ දෙනෙක් හරි කැමතියි මම කායවර්ධන ක්‍රීඩාවේ යෙදෙනවට. මට එහෙම හිතෙන්නේ නැහැ. අම්මා තාත්තා නම් ගොඩක් විරුද්ධ වුනා. නමුත් මට ලැබුණු ප්‍රතිචාර එක්ක ඒ දෙන්නගේ අදහසත් වෙනස් වුනා.

කඩවසම් වෛද්‍යවරයාට ගැහැණු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

ගැහැණු ළමයින් කියලා නැහැ. වයස් භේදයක් නැතුව ප්‍රතිචර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

රගපාන්න ආරාධනා ලැබෙන්නේ නැද්ද කියලත් මතක් කරමු..?

ආරාධනා ලැබුනා හොද චිත්‍රපටියකට නමුත් මම එය භාරගත්තේ නැහැ. එය භාරගත්තේ නැහැ කියලා දැන් නම් දුකක් තියෙනවා. මට ගැලපෙන විදිහ චරිත ලැබුනොත් ඒ ගැන හිතනවා.

හර්ෂණී වීරරත්න

තරුණ තරුණියන් අතරේ ජනප්‍රියත්වයට පත්වූ පණ්ඩුල බස්නායක කඩවසම් වෛද්‍යවරයාගේ ලස්සන පින්තුර කිහිපයක් පහලින්.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button