custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හැම ගීතයකටම වඩා ඇය මට තමයි ආදරේ කරන්නෙ – විවාහයෙන් පසු සුරේන්ද්‍ර මුල් වරට කතා කරයි

custom_html_banner1
Spread the love

ලාංකේය ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි තරුවක් වු සුරේන්ද්‍ර පෙරේරා තම දිවියේ නව පියවරක් තැබුවේ ජීවිතයට ජීවන සහකාරියක් කැන්දන් එමින්. පසුගිය දවසක නිහඬවම විවාහ දිවියට එළැඹුණු සුරේන්ද්‍රගේ ජීවන සහකාරිය වූණේ කලක් ඔහුගේ හොඳම රසිකාවක් වුණු අචිනියි.

ජීවිතේ වුණු නව වෙනසින්ම කතාව අරඹමු නේද?

ජීවිතේ තවත් සුවිශේෂ සිදුවීමක්. පසුගිය දවසක බොහොම චාම්ව අචිනියි මමයි විවාහ වුණා.

ඒ සොඳුරු ආදර කතාවේ ඇරඹුමේ මතක අවදි කළොත් ?

ඒක අවුරුදු දොළහක ආදර කතාවක්. 2008 මැයි 12 තමා අපේ ආදර කතාව පටන් ගන්නෙ. ඇයව මුණ ගැහුණේ එදා. යාළුවෝ ටිකක් එක්ක ඇය ඇවිත් හිටියා. ඇගේ යාළුවෝ තමයි මගේ නම්බර් එක ඉල්ල ගත්තේ. පස්සෙ ඇය යාළුවන්ගෙන් නම්බර් එක ඉල්ලගෙන මට කතා කළා. මුලින්ම මගේ රසිකාවක් විදියට තමා මට කතා කළේ. ඒ වෙනකොට ඇයට අවුරුදු දා හතයි.

ඉතින් කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ ?

එහෙම ආදරේ ප්‍රකාශ කිරීමක් වුණේ නැහැ. අචිනි දිගටම කතා කළා. කාලයක් යද්දී අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ තේරුම් ගත් ගමන තමයි අද විවාහය දක්වා ආවේ.

custom_html_banner1

ඇය ගැන වැඩිපුර කියන්න කැමැති නැද්ද?

ඇය නීතීඥවරියක් වීමට ඉගෙන ගන්නවා. ලබන වසරේ එහි අවසාන විභාගයට ඇය පෙනී ඉන්න සුදානම් වෙනවා.

විවාහයතෙක්ම සුරේන්ද්‍ර ගේ ආදර කතාව රහසක් වුණා නේද ?

දන්න අය දන්නවා අපේ ආදර කතාව. නමුත් ඒක මම ලෝකෙටම කියන්න ගියේ නැහැ. ඒ දේට වෙලාව එනකම් හිටියා.

විවාහයෙන් පස්සෙ සුරේන්ද්‍ර ගේ ජීවිතේ මොන වගේ වෙනසක් වේවි ද ?

විශේෂ වෙනසක් නැහැ. අචිනිට මම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අවශ්‍ය හැම දේකටම උදවු කරන කෙනෙක් මිස ඇය කිසිම දේකට අනවශ්‍ය විදිහට බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. ඉවසීමෙන්, තේරුම් ගැනීමෙන් හා කැපවීමෙන් ජීවිතේ හැමදේම බෙදා ගන්න පුළුවන් බිරියක් මට ලැබිලා ඉන්නේ. මෙවැනි බිරියක් ලැබීමම මම ජීවිතේ ලබපු එක්තරා වාසනාවක්.

පෙම්වතිය වෙන්න කලින් ඇය ඔබේ රසිකාවක් නේ.. ඉතින් අචිනි වැඩිපුරම කැමැති ඔබ ගයන මොන ගීතයටද ?

මම ගයන හැම ගීතයකටම ඇය කැමැතියි. හැබැයි ඒ හැම ගීතයකටම වඩා ඇය මට තමයි ආදරේ කරන්නෙ.

සුරේන්ද්‍රගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

විශේෂ වැඩ කටයුත්තක් නැහැ. නත්තල් ගීතයක් තමයි අන්තිමට නිර්මාණය කළේ. මේ කාලෙදී ප්‍රසංග අඩුයි. නමුත් උත්සව කිහිපයකටම ආරාධනා ලැබී තියෙනවා.

-සචිනි ඉමල්ශා – සාරවිට

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button